Colombo Today Local News

ඇමති බදියුදීන් ජාත්‍යන්තරය ඇවිලවීමේ සූදානමක… සිංහලයන් සුළු ජාතීන්ට හිරිහැර කරනවායි පෙන්වීමට වීඩියෝවක් හදයි !!

වයඹ පළාතේ ස්ථාන කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයින් සැඟවීම ඉලක්ක කරගෙන ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද ගැටුමක් යයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රිෂාඩ් බදුර්දීන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, මුජිබර් රහුමන් යන දේශපාලනඥයින් අත්අඩංගුවට ගතහොත් සාමාන්‍ය ජන ජීවිතය යහපත් වී රට යතා තත්වයට පත්වනු ඇති බවයි.

ඉස්ලාම් පල්ලිවල අවි ආයුධ හමුවෙද්දී නිහඬව සිටි ඇමති බදියුදීන් කුලියාපිටිය හෙට්ටිපොල ප්‍රදේශවල ඇතිවූ ගැටුම් වලින් හානියට පත් ගොඩනැගිලි සම්බන්ධයෙන් වීඩියෝ පටයක් සකස් කරමින් පවතින බව උන් වහන්සේ කියති.

ඒවායේ ඡායාරූප වීඩියෝ ගැනීමට ඔහුගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් එම ප්‍රදේශවල ගොස් ඇති බවද හිමියන් සඳහන් කළහ.

මෙම ගැටුම සම්බන්ධ වීඩියෝ පට සකස් කරන්නේ සුළු ජාතීන්ට සිංහල ජනතාවගෙන් හිරිහැර වන බවට ජාත්‍යන්තරයට කරුණු දැක්වීමට ඇමතිවරයා සූදානම් වන බවත් උන්වහන්සේ කියා සිටිති.

ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ රාජගිරියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර මිනුවන්ගොඩ ජුම්මා දේවස්ථානයේ නිරීක්ෂණය කිරීම සදහා ඊයේ එහි ගිය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කියා සිටියේ කලබලකාරී කණ්ඩායම් විසින් මිනුවන්ගොඩ පිහිටි ජුම්මා ප්‍රධාන දේවස්ථානයටත් නගරයේ කඩසාප්පු වලටත් පහර දී තිබෙන්නේ ආරක්ෂක අංශ බලා සිටියදී බවයි.

Related posts

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

Admin

එජාප මැති ඇමති පිරිසක් ලෙඩ නිවාඩු දමා මැයි දින සැමරුම වර්ජනය කරති !

colombotoday

ත්‍රිකුණාමල වරාය ගැන අගමැති ඉන්දියාව සමග සාකච්ඡා

colombotoday

උතුරට එක නීතියක්.. දකුණට තව නීතියක් – මහින්දගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (Video)

colombotoday

රාජ්‍ය ආයතන ප්‍රධානීන් රට ගැන සිතා කටයුතු කළ යුතුයි දේශපාලනය කළ යුතු නැහැ – ජනපති

colombotoday

පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි !

colombotoday