Colombo Today Local News

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

ජාතික සමගිය ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලාංකීය සංස්කෘතියට අනුව ශ්‍රී ලංකාව තුළ ජීවත් විය නොහැකිනම් රටට පව් නොදී පැමිණි තූත්තිකුඩියටම යන ලෙස පාර්ලිමේන්ති මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ඉල්ලා සිටියා.

ඒ අද දින පැවති පාර්ලිමේන්තු විවාදයේදීය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කතා කරමින් සිටින විට ඊට බාධා කරමින් බදියුදීන් ඇමතිවරයා ප්‍රකාශ කලේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජාතිවාදය ඇති කරන බවයි.

මෙහිදී ආවේගශීලී වූ වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ ජාතිවාදය සහ අන්තවාදය වපුරන්නේ තමන් නොව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා බවය. ඔහු අරාබිකාරයෙකු ලෙස සිතා සිටින බවත්, රටේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්නෙකු බවත් පැවසූ මන්ත්‍රීවරයා රටේ මහා සංස්කෘතියත් සමග මුහු වන ලෙසත් එසේ නොමැති නම් රටට පව් නොදී ආපු තූත්තිකුඩියටම යන ලෙසත් බදියුදීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී බදියුදීන් ඇමතිවරයා විසින් වීරවංශ මන්ත්‍රීවරයාගේ කතාවට දිගින් දිගටම බාධා කරන අයුරු දැකගත හැකි විය.

Related posts

සහන රැසක් ගෙනෙන මාලිමා අයවැය අද

Admin

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

colombotoday

ව්‍යාපාරිකයාට සිහි මුර්ජාකර කෝටියක රන්බඩු කොල්ල කෑ පාකිස්ථානුවෝ මාට්ටු

colombotoday

ජනතාව ජීවත් කරවීම යුද්ධයක්, ඒ වගකීම මම භාර ගන්නවා : ජනපති

colombotoday

එජාපය පික්පොකට් ගැහුවේ වතු කම්කරුවන්ගේ අර්ථසාධකයයි

colombotoday

මාලක සිල්වාට ඇප

colombotoday