Colombo Today Local NewsExclusive :

මාධ්‍ය ඉදිරියේ පුස් පාට් දාන අබ්දුල් රාසික්ගේ වැඩකිඩ ඉන්දීය මාද්‍ය හෙළිකරයි… පාස්කු ප්‍රහාරයේ තවත් රහසක් එළියට (Video)

වෛද්‍ය ශිෂ්‍යාවක් වූ පුලස්තිනී රාජෙන්ද්‍රන් – (ඉස්ලාම්කරණය වූ පසු සාරා) සහ
ඇගේ සමියා මොහොම්මදු හස්තූන් (කටුවාපිටිය බෝම්බකරු)

අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා ප්‍රහාර මාළාවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල මොහොම්මදු හස්තුන්ගේ බිරිද පිළිබද ඉන්දීය දෙමළ නාලිකාවක් වන IBC Times විසින් වැදගත් අනාවරණයක් සිදුකර ඇත.

එම තැනැත්තිය පුලස්තිනී මහෙන්ද්‍රන් නොහොත් සාරා බව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් හදුනාගත් අතර, සයින්දමරුදු හිදී ආරක්ෂක අංශ සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු බෝම්බ පුපුරවාගෙන මියගිය ත්‍රස්තවාදීන් සමග ඇයද සිටි බව අනාවරණය විය.

IBC නාලිකාව සමග අදහස් දක්වමින් පුලස්තිනී ගේ මව වන කවීතා මහෙන්ද්‍රන් හෙළිකර ඇත්තේ ඇය වෛද්‍ය උපාධිය හැදෑරූ ශිෂ්‍යාවක් බවයි. මඩකලපුව තෙට්ටතිවු හී මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලැබූ ඇය සාම්ප්‍රදායික දෙමළ, හින්දු අධ්‍යාපනය ලැබූ සාමාන්‍ය තරුණියක් බවත්, ඉස්ලාම් අන්තවාදීන් විසින් ඇයව පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හැරවීම සහ රැඩිකල්කරණයට ලක් කර ඇති බවද මව හෙළිකර ඇත.

මෙලෙස ඇයව පැහැරගෙන ගොස් ඇත්තේ මේ වන විට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය නමින් පෙනී සිටින කල්ලියේ ලේකම් අබ්දුල් රාසික් නමැත්තා යැයිද පුලස්තිනීගේ මව අනාවරණය කර ඇත.

අබ්දුල් රාසික්

තම දියණියව ආපසු කැදවාගෙන ඒමට උත්සහා කල බවත්, එයට ඉඩ නොදුන් අබ්දුල් රාසික් නමැත්තා ඇය ඉස්ලාමය වැලදගත් බවත්, මුස්ලිම් ජාතිකයකු (කටුවාපිටියේ බෝම්බකරු – මොහොම්මදු හස්තූන්) සමග ඇය විවාහ වූ බවත් ප්‍රකාශ කළ බවද පුලස්තිනීගේ මව ප්‍රකාශ කරයි.

විවාහයෙන් මාස කිහිපයකට පසු දුරකථනයෙන් තමා ඇමතූ දියනිය ඇයගේ ජීවිතය අවාසනාවන්ත එකක් බව පැවසූ බවත්, එයින් පසුව කිසිම සම්බන්ධයක් නොතිබූ බවද පුලස්තිනීගේ මව IBC නාලිකාව වෙත ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරයට සති දෙකකට පෙර නාදුනන පුද්ගලයෙකු තමන් ශ්‍රී ලංකා බුද්ධි නිලධාරියෙකු ලෙස පෙනී සිිටිමින් පුලස්තිනී පිළිබදව විස්තර විමසූ බවද ඇගේ මව ඉන්දීය මාධ්‍ය සමග වැඩිදුරටත් සදහන් කර ඇත.

අයි බී සී වාර්තාව හෙලිදරව් කරන්නේ අබ්දුල් රසික් යනු සැබැවින්ම තමිල්නාඩුවේ තව්හීඩ් ජමාත් සමග සමීප සබඳතා ඇති ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත් රැඩිකල් ඉස්ලාමීය සංවිධානයේ නායකයා බවය.

අබ්දුල් රාසික් මේ වන විට තම සංවිධානයේ නම “සිලෝන් තව්හිද් ජමාත්“ නමින් වෙනස්කරගෙන පාස්කු ඉරිදා ප්‍රහාරයට තමාගේ කිසිදු සම්බන්දයක් නැති බව ප්‍රකාශ කරමින් මාධ්‍ය ඉදිරියේ අහිංසකයෙකු ලෙස පෙනී සිටිමින් නිර්දෝෂී වීමට දැඩි උත්සාහයක නිතරවෙමින් සිටිති.

පාස්කු ප්‍රහාරය, අබ්දුල් රාසික් හා පුලස්තිනී ගැන ඇගේ මව IBC නාලිකාව වෙත ලබාදුන් ප්‍රකාශය පහතින්

ඉන්දියානු මාධ්‍ය කළ හෙළිදරව්ව – යොමුව

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කෑලි 9කට කැඩෙයි… ත්‍රස්ත මර්ධනය, මත්ද්‍රව්‍ය නාශක ඒකකය සුනේ සුන්…

colombotoday

මීළඟ IMF සාකච්ඡා වටයේදී පළමුවෙන් සහන රාජ්‍ය සේවකයන්ට

Admin

දෙමළ සන්ධානය එජාපයට එකතු වූ හේතුව ධර්මලිංගම් හෙලිකරයි

colombotoday

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday

අත්තනගල්ල ප්‍රා. සභාවෙන් මිනී පෙට්ටි. ආදාහනයත් නොමිලේ

colombotoday

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin