Colombo Today Local News

ජනාධිපතිතුමනි, වෙසක් දිනයේ දී ඥානසාර හිමි නිදහස් කරන්න. ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුම කමෙන්ට් වලින් පිරෙයි

දැනට සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසට ඉල්ලා ජනාධිපති වරයාගේ ෆේස්බුක්  පිටුවේ comments මගින් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

අන්තර්ජාලය භාවිතා කරන තරුණ පිරිස් විසින් මෙම ඉල්ලීම් සිදුකර තිබීම විශේෂත්වයක්.  එළැඹෙන වෙසක් පොහොය දින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස මෙලෙස ජනාධිපති වරයාගේ ෆේස්බුක් පිටුවේ කමෙන්ට් කළ බොහෝ දෙනා ඉල්ලා තිබෙනවා.

මේ අතර ඥානසාර හිමි නිදහස් කරන ලෙසට සමාජය තුළ විශාල කතාබහක් ඇති වී ඇති අතර  සාමාන්‍ය ජන ජීවිතයේ දී උන්වහන්සේ ගෙනගිය මතවාදය සාධාරණ බව බොහෝ තැන් වල කතිකාවට ගැනෙන සුලභ කාරණයක් බවට  දැන් පත්ව තිබෙනවා.

ජනාධිපතිවරයාගේ facebook පිටුව සඳහා පිවිසීමට >>>>>>https://www.facebook.com/maithripalas/

Related posts

උතුරේ තවත් අක්කර 613 ක් ජනපති අතින් සිවිල් වැසියන්ට.

colombotoday

වැලිපැන්නේ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක බෝම්බ තුනක්…

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Admin

යුද්ධය හරියට කරාද.. හොයා බලන ‘සත්‍ය හා සංහිදියා කොමිසම‘ සූදානම්.. පනත පාර්ලිමේන්තුවට !!

colombotoday

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin

ගම්පහ පුංචි මන්ත්‍රීන් 174න් 151ක්ම මහින්දව ඉල්ලයි.

colombotoday