Colombo Today Local News

මද්‍රසා පාසල් නියාමන පනතේ කෙටුම්පත කඩිමුඩියේ අගමැතිට… අධ්‍යාපන බලධාරීන් කිසිවෙක් නෑ….

මද්රාසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද (06 වන දා) තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළේය.

මෙම කෙටුම්පත මගින් ‘ශ්‍රී ලංකා මද්‍රසා අධ්‍යාපන මණ්ඩලය‘ නමින් නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර, එහි සංයුතිය සහ එම ආයතනය පාලනය වන්නේ කුමන අමාත්‍යාංශය යටතේදැයි සදහන්ව නැත.

රටේ ජාතික අධ්‍යාපනය පිළිබදව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ බලය ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවලට වන අතර මෙම කෙටුම්පත සැකසීම සදහා එම පාර්ශව සම්බන්ධ කරගත බවක් වාර්තා වන්නේද නැත.

ජාතික අධ්‍යාපන පද්ධතියෙන් බැහැරව මුස්ලිම් පල්ලි අශ්‍රිතව හා ඉන් පරිබාහිරව මද්රසා නමින් හැදින්වෙන ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් මධ්‍යස්ථාන දහස් ගණනක් රට පුරා ස්ථාපිතව ඇති අතර, මෙම පාසල් හරහා ඉස්ලාමීය දරුවන්ට අන්තවාදී මතවාද උග්නවන බවට චෝදනාවක් වෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබදව වඩාත් කතා බහට ලක්වූ අතර, එම පාසල් නියාමනය පිළිබදව ප්‍රතිපත්තියක් සැකසීම අගමැතිවරයා විසින් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වෙත බාර දෙන ලදි.

මුස්ලිම් ආගමික කටයුතු ඇමති අබ්දුල් හලීම්ට මෙම කටයුත්ත භාරදීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකට සමාන යැයි විවේචනයට ලක් වන අතර ඊට හේතු වී ඇත්තේ ඇමතිවරයා පසුගිය කාලය පුරා ඉස්ලාම් අන්තවාදය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු වීමය.

ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුුතු තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන න්‍යායාචාර්ය වරයෙකු වන දකුණු ඉන්දියාවේ වහාබ්වාදී දේශකයකු වන පී.ජෙයිනුල් ආබ්දීන් නම් අන්තවාදියා 2015 වසරේදී මෙරටට ගෙන්වීමට මුල් වූයේ ඇමති හලීම් බව ඇතැම් ඉස්ලාමීය සංවිධාන විසින්ම චෝදනා කළ අතර, පසුගියදා ප්‍රහාරයෙන් පසුව මහනුවර ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සහ ගම්මාන පරීක්ෂාවට ඉඩලබා නොදුන් බවටද ඔහුට චෝදනාවක් එල්ල වී ඇත. පසුගිය දිනවල ඉස්ලාම් පල්ලිවලින් කඩු තොග ගණන් අසුවීමේදී ඇමතිවරයා කියා සිටියේ ඒවා පල්ලිවල තණකොල කැපීමට ගෙන ආ ඒවා විය හැකි බවයි.

මෙම තත්ත්වය අනුව මෙතෙක් කල් රජයේ අනුමැතියෙන් තොරව පවත්වාගෙන ආ මද්‍රසා ම්‍යස්ථාන නීතිගත කරගැනීමට උත්සහා කරනවාද යන්න අවධනයට යොමුවිය යුතු අතර, එම පාසල් නියාමනය අධ්‍යාපන අමාත්‍යාංය යටතට පවරා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

Related posts

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin

“ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්වෙන්න හෝ අමාත්‍ය ධූරය අතහැරීමට සුදානම් නෑ “

colombotoday