Colombo Today Local News

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

නේවාසික වෛද්‍ය පුහුණුවක් සඳහා කළුබෝවිල මහ රෝහලට පැමිණ සිටි මුස්ලිම් වෛද්‍යවරයකුට අයත් මෝටර් රථයේ තිබී අයි. එස්. අයි. එස්. මුස්ලිම් අන්තවාදී සිද්ධීන් ඇතුළත් සංයුක්ත තැටි තොගයක් තිබී සොයා ගැනීමට එම රෝහලේ ආරක්‍ෂාවට යොදවා සිටි ගුවන් හමුදා නිලධාරීන් 03 දා සමත් විය.

සැකකාර මුස්ලිම් වෛද්‍යවරයාද ගුවන් හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුබෝවිල මහ රෝහල් භූමියේ නවතා තිබූ වාහන පරීක්ෂාවකදී මෙම වෛද්‍යවරයා අදාළ රථය පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම අන්තවාදී සිද්ධීන් ඇතුළත් සංයුක්ත තැටි තොගය සොයාගෙන තිබේ.

සැකකරු කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචි වෛද්‍ය විද්‍යාව හදාරා උපාධිය ලබාගත් අයකු බවත් එම උපාධියෙන් පසු ලබාදෙන ප‍්‍රථම වසර නේවාසික වෛද්‍ය පුහුණුවට මොහු පසුගිය අප්‍රේල් 01 වැනිදා කළුබෝවිල මහ රෝහලට පැමිණ ඇති බවත් ගුවන් හමුදාව පවසයි.

මීට අමතරව මෙම වෛද්‍යවරයාගේ ඥාතීන් පදිංචිවී සිටින ගල්කිස්ස, විජය පාර හා මොරටුව ප‍්‍රදේශයේ නිවාස කීපයක්ද ගුවන් හමුදා භට පිරිස් හා පොලීසිය එක්ව දැඩි පරික්‍ෂා කිරීමකට ලක් කළද එහිදී සැකකටයුතු කිසිවක් හමුවී නැත.

Related posts

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

Admin

විදුලි බලාගාර වලට නැප්තා ලීටර ලක්‍ෂ 12 ක්

colombotoday

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin

ගුවන් යානා ගෝඨාව රැගෙන යාම ප්‍රතික්ෂේප කරයි. ඉන්දීය යානයක් ගුවනේදීම හරවයි

colombotoday

දුම්රිය එන්ජින් රියැදුරු සංගමය වර්ජනයක්

colombotoday

පාගමනේ ගිය මන්ත්‍රීලාගේ ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැදවලා.. ආරක්ෂාව අනතුරේ – විමල්

colombotoday