Colombo Today Local News

පාසල් සිසුන්ගේ ජංගම දුරකථනවලට අසභ්‍ය ඡුායාරූප දමන මුස්ලිම් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට…

පාසල් සිසුන් හා තරුණ ප‍්‍රජාව වෙත අසභ්‍ය වීඩියෝ දර්ශන මුදලට ජංගම දුරකථනයන්ට අන්තර් ගත කර දුන් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු අසභ්‍ය වීඩියෝ දර්ශන දහසකට ආසන්න ප‍්‍රමාණයක් සහිත පරිගණකයක් සමඟ එප්පාවල පොලීසිය පෙරේදා (04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

 දිවයිනේ මේ දින වල ක‍්‍රියාත්මක ත‍්‍රස්ත කටයුතුවලට සම්බන්ධ මුස්ලිම් ජාතිකයින් එප්පාවල නගරයේ සිටී දැයි යන්න විමර්ශනය සඳහා එප්පාවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ අධිකාරී මහතාගේ උපදෙස් මත විශේෂ මෙහෙයුමක් සිදු කර ඇති අතර එහිදී එප්පාවල මුස්ලිම් පල්ලිය අසල ජංගම දුරකථන හා සී.ඞී. අලෙවිසලක හිමිකරු වන මුස්ලිම් ව්‍යාපාරිකයාගේ වෙළෙඳසලෙහි පරිගණකයේ තිබී මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන දහසකට ආසන්න ප‍්‍රමාණය සොයා ගෙන ඇත.

 පාසල් සිසුන් හා තරුණ ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ජංගම දුරකථනයන්ට අදාළ අසභ්‍ය දර්ශන සැකකරු මුදලට ඇතුළත් කරමින් ව්‍යාපාරය කර ගෙන යන්නට ඇතැයි එප්පාවල පොලීසිය සැක පළ කරයි.

 එප්පාවල පොලිසි හංදියේ පදිංචි 36 හැවිරිදි සිවු දරු පියෙකු වන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා, අසභ්‍ය දර්ශන සහිත පරිගණකය හා එහි උපාංග සමග පෙරේදා (04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ (05) පස්වරුවේ තඹුත්තේගම ⁣මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 අදාළ පරිගණකයේ තිබී අසභ්‍ය වීඩියෝ දර්ශන 700 ක් පමණ සොයා ගත් බවත්, තවත් අසභ්‍ය දර්ශන හෝ ජායාරූප අයි.එස්.අයි.එස් ත‍්‍රස්ත සංවිධානයට අයත් දර්ශන හෝ ජායාරූප ඇතුළත් ද යන්න සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම විකුණා මුදල් ගරයි

Admin

දැන් ජනපතිගේ ප්‍රතිපත්ති ප‍්‍රකාශනය වෙනස් වෙමින් පවතින බව අතුරලියේ රතන හිමි කියයි

colombotoday

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

colombotoday

විල්ගමුවේ 8 මස් ගැබිණිය සහ සැමියාව ගිනි තබා මැරුවා ද?

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday

ඒකාබද්ධයෙන් 4ක් ආණ්ඩුවට.. එන අය ගැන ඉගියක් හැරිසන්ගෙන්

colombotoday