Uncategorized

මාතලේ විශාල පිපුරුම් හඩක් : රිලව් එලවීමට රතිඤ්ඤා දැමූ බව සැකකරු කියයි…

මාතලේ වරකාමුර උකුවෙල හා මාතලේට තදාසන්න ප්‍රදේශවල ජනතාවට ඊයේ පෙරවරුවේ විශාල පිපුරුම් හඬක් ඇසී තිබේ.

පසුව පොලීසිය හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් කළ සෝදිසියකදී අනාවරණ වූයේ අලවතුගොඩ මාරුකන ප්‍රදේශයේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, රිලව් එලවීම සඳහා රතිඥ්ඤා දැමීම හේතුවෙන් ශබ්දය ඇතිවූ බව පිපිරුම සිදුකළ පුද්ගලයා පවසා තිබුණි.

නමුත්, ආරක්ෂක අංශ වැඩි දුරටත් කළ සෝදිසියේදී අනාවරණ වුයේ වයරයක් යොදා මෙම පිපුරුම සිදුකර ඇති බවයි.

ඒ අනුව අදාල ඉඩමේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මන්නාරම සාන්දිපුරම්හිදී සීෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සහ ඩෙටනේටර් තොගයක් හමුවී තිබේ.

අනතුරුව ආරක්ෂක අංශ විසින් අදාල පුපුරණ ද්‍රව්‍ය තොගය පුපුරුවා හැරියා.

Related posts

මහින්ද සමරසිංහ සහ රංගේබණ්ඩාර අතර දරුණු ගැටුම් – ජනපතිටත් පැමිණිලි

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපීතකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක්

Admin

දස හැවිරිදි දැරියක් ඉන්ධන බවුසරයට යට වෙයි

Admin