Colombo Today Local News

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

නීති විරෝධී අන්දමින් හිටපු අමාත්‍යවරයකුගේ සහ පොලිස් අධිකාරිවරයකු ඇතුළු රජයේ උසස් නිලධාරීන් පස් දෙනෙකුගේ නිල මුද්‍රා සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි ඇමැති ආරක්‍ෂක නිලධාරියා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (2 දා) නියෝග කළාය.

 මොහොමඞ් මාර්සුක් මොහොමඞ් රිස්ලි නමැති එම සැකකාර පොලිස් නිලධාරියාට අයත් මෝදර පිහිටි නිවස පරීක්‍ෂා කළ මෝදර පොලිසිය එහි සඟවා තිබූ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයසූරිය මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු නමින් හා හිටපු අමාත්‍යවරයකු නමින් සකස් කළ නිල මුද්‍රා පහක් සමග ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

Related posts

ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට සජබත් එයි

Admin

කොළඹ පැරණි ගොඩනැගිලි ආයෝජනයට දෙන්න සැලසුම්

Admin

යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසු ගැටුමක්… තිදෙනෙක් රෝහලට

colombotoday

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධූරය ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩට

colombotoday

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට !

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1649 දක්වා ඉහළට

colombotoday