Colombo Today Local News

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවරුන් දෙපළක් විසින් එක්ව තනන ලද රාවණා-1 නම් ප්‍රථම පර්යේෂණ චන්ද්‍රිකාව අද (18) අලුයම නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් කක්ෂගත කර තිබෙනවා. කිලෝග්‍රෑම් 1.1ක් පමණ බරැති මෙම චන්ද්‍රිකාව ජපානයේ ක්යුෂු ඉන්ස්ටිටියුට් ආයතනයේදී නිෂ්පාදනය කර තිබෙනවා.

තරිඳු දයාරත්න සහ දුලනි චාමිකා වන මෙම ඉංජිනේරුවරුන් දෙදෙනා විසින් මෙම පර්යේෂණ චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇති අතර ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා මෙය පසුගියදා අමෙරිකාවේ නාසා ආයතනයට භාරදී තිබෙනවා.

රාවණා-1 චන්ද්‍රිකාව ඔස්සේ ශ්‍රී ලංකාවේ සහ ඒ අවට ජායාරූප ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් එය පෘථිවිය වටා ගමන් වාර 05ක් පමණ සිදුකිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නාසා ආයතනය විසින් ඊයේ (17) දිනයේදී කක්ෂගත කරන ලද සිග්නස්-1 චන්ද්‍රිකාව ඔස්සේ මෙම කුඩා චන්ද්‍රිකාව රැගෙන ගොස් අභ්‍යවකාශයේදී මුදා හැරීමට කටයුතු කරන බව සඳහන්. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් රැගත් සිග්නස්-1 චන්ද්‍රිකාව මේ වන විට සාර්ථකව ගුවන් ගත කර ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.

Related posts

රහස් ඡන්දයේදී විපක්ෂයට අලුතින් 3ක් එක්වෙයි

colombotoday

රණ විරුවෝ යෙයුස් වහන්සේ අත තිබ්බා වගේ, රාජපක්ෂ අත තිබ්බ ගමන් නැගිට්ටා

colombotoday

විදේශිකයන් ආයෝජනය කළ මිලියන 2133ක් ආපුසු අරන්… විදේශ සංචිත ඩොලර් බිලියන 6.5 දක්වා පහතට!

colombotoday

පළාත් සභා මැතිවරණය පමාවීම ගැන මැකෝ රනිල්ට සහ කරූට ලියයි

colombotoday

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin

ගෑස් මිල සංශෝධනය අද

Admin