Colombo Today Local News

මම කුඩු කාරයානම් නීතිය ක්‍රියාත්මක කරනවා. තමුසෙලාගෙ ළඟනේ ආණ්ඩුව තියෙන්නේ – නිමල් ලන්සා රන්ජන්ට කියයි

පසුගියදා පාර්ලිමේන්තු අයවැය විවාදය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා විසින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකව දැඩි ලෙස විවේචනය කළා.

ඊට පිළිතුරු ලෙස නිමල් ලන්සා කුඩු විකුණන බවට රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා චෝදනා කළ අතර හැකිනම් “ජේසු පල්ල. මම කුඩු විකුනන්නේ නෑ” යැයි ප්‍රකාශ කරන ලෙස අභියෝගයක්ද ඉදිරිපත් කර සිටියා.

නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඊට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී “ජේසු පල්ල මම කුඩු විකුනන්නේ නෑ” යැයි දිවුරනු දක්නට ලැබුණු අතර තමා කුඩු විකුනනවානම් අවුරුදු 4ක් ආණ්ඩුව තියාගෙන තමාට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොකළේ මන්දැයි නිමල් ලන්සා මන්ත්‍රීවරයා පෙරලා ප්‍රශ්න කර සිටි අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එම ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට වටපිට බලනු දක්නට ලැබුණා.

Related posts

2014 දී දකුණු ආසියාවෙන්ම එක.. දැන් තුන.. සියළුම සංවර්ධන දර්ශකවලින් ලංකාව පහළට !

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

colombotoday

“ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා නෑ” ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන හමුදාව කියයි

colombotoday

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday