Colombo Today Local News

ගෝඨාගමනයට එරෙහිව එජාප ප්‍රභල ඇමති අංචි අදී – ඇමරිකා පුරවැසිභාවය ඉවත්කිරීම වැලැක්වීමට නඩුවක් දම්මවයි

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන කොටි ඩයස්පෝරාව සමග සමීපව ගනුදෙනු කරන ප්‍රභල අමාත්‍යවරයෙකුගේ මෙහෙයවීම මත, ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුවක් ගොනු කර තිබේ.

තම පියාගේ ඝාතනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසත් ඉල්ලමින් ඇය මෙම නඩුව ගොනු කර තිබේ.

අමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබේ.

මෙහි අරමුණ වී ඇත්තේ එළෙඹෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම වැලක්වීම බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

අපේක්ෂකත්වය ලබිමටනම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම අනිවාර්යය වී තිබීමත් ඇමරිකාවේ නඩුවක් තිබෙන්නේනම් එය සිදු කල නොහැකිවීමත් හේතුවෙන් මෙම සැලසුම දියත් කර ඇත.

Related posts

මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කෙරේ

colombotoday

බ්‍රිතාන්‍ය කිරීටයෙන් සිරිලක මුළුමනින්ම නිදහස ලැබූ.. ජාතියට අමතකව යන ජනරජ දිනය

colombotoday

ඇමතිගේ ISIS සබදකම් ගැන වහාම සොයා බලන්න… ඔස්ට්‍රේලියා තානිපති අංශ දන්වයි…

colombotoday

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

Admin