Colombo Today Local News

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරින්ගේ අවධානය යොමුව ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

කෙසේ වෙතත්, මාකඳුරේ මධුෂ් තමා මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් එරට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, එම පෙත්සම ලබන 18 වනදා සලකා බැලීමට නියමිත වනවා.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයේ දී අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් 13 දෙනෙකු ඊයේ වන විට මෙරටට පිටුවහල් කර තිබුණා.

ඊට අමතරව ලබන සතියේ දී තවත් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇති බවයි ඩුබායි ආරංචි මාර්ග පවසන්නේ.

ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු කිහිප දෙනෙකු ලබන සති අන්තයේදී හෝ ඊට පසුව මෙරටට පිටුවහල් කරනු ඇති බවත් වාර්තා වනවා.

මේ අතර, මාකඳුරේ මධුෂ් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට විදේශ ඇමති තිලක් මාරපන මහතා ඇතුළු කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පසුගියදා පිටත්ව ගියා.

ඉකුත් 3 වනදා එම කණ්ඩායම එරට විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, එම සාකච්ඡාද සාර්ථක වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

Related posts

සමගි ජන බලවේගය අයිතිකාරයාගේ බිරිඳ 20ට පක්ෂව ඡන්දය දෙයි

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිධූරය නීතිඥ අතුළ ප්‍රියදර්ශණ ද සිල්වාට

colombotoday

දින 44ට ගෑස් අනතුරු සම්බන්ධ සිද්ධි වාර්තා වීම් 727ක්

colombotoday

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

colombotoday

අනුරගේ මවට ආශිර්වාද පතන්න සෝභිත හිමි අනුරපුරයට වඩිති

Admin

“ත්‍රස්තවාදය තුරන්කර ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ බව ජනපති සිරිසේන අමතක කරලා” නාමල් ජනපතිට මතක් කරයි

colombotoday