අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල භික්ෂූන් වහන්සේ නමකට “නිකං පලයං යකෝ යන්න… පර බල්ලා” ලෙස බැන වැදී තිබෙනවා.
මාර්ගයක් සාදා දෙන ලෙස අද (3) නාවලපිටියේ පැවති උද්ඝෝෂණයක් අතරතුර භික්ෂූන් වහන්සේ නමක් දුරකතනයෙන් අමාත්‍යවරයා ඇමතූ අවස්ථාවේදී මෙලෙස බැන වැදී ඇත.
මෙම මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 500ක මුදලක් වෙන් කර තිබූ බවත් එම මුදල්වලට සිදුවූ දෙයක් නොදන්නා බවත් උද්ඝෝෂකයන් පවසයි.