Colombo Today Local News

විදුලිබලේ නිලධාරී මාෆියාවෙන් රටම අදුරේ… කෝටි අටදහසක පාඩුවක්…

පවතින විදුලි අර්බුදය හේතුවෙන් මෙම වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි අටදහසක (කෝටි 8000ක) පමණ අලාභයක් ලබනු ඇතැයි ගණනය කර ඇති බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

නිසි කලට විදුලි බලාගාර ඉදිනොකිරීම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රයෝජනයට නොගැනීම අනාගත විදුලිබල අවශ්‍යතාවයන් නිසි ලෙස ප්‍රතිරෝකථනය නොකිරීම මෙම විදුලි අර්බුදයට මූලිකම හේතුව වී තිබේ.

විදුලි බල ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක වන විදුලි මාෆියාව මෙම තත්ත්වයට මූලිකම හේතුව වී ඇතැයි මේ පිළිබඳව අදහස් දක්වන විදුලි සේවක සංගමයේ ප්‍රධාන ‍ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

ඉහත අඩුපාඩු කෘත්‍රිමව ඇතිකර ඒ හරහා පෞද්ගලික බලාගාරවලින් අධික මිල ගණන් යටතේ විදුලිය මිලට ගැනීම මෙම විදුලි මාෆියාවේ කොටසක් වී ඇති බවද මේ පිළිබඳ අදහස් දක්වන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය. මෙසේ ඉහළ මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීමේදී නිලධාරීන්ට අධික කොමිස් මුදලක් ලැබෙන බවද එම ආරංචිමාර්ග තවදුරටත් පවසයි.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අතර පවතින මතගැටුමද පවතින විදුලි අර්බුදයට තවත් හේතුවක් බවද වාර්තාවේ.

විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් එක්තරා පිරිසක් මෙම විදුලි මාෆියාවන් ක්‍රියාත්මක කරන බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ‍ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.

මේ අතර මෙම විදුලි අර්බුදය නිසි කාලයට බලාගාර ඉදිනොවීම මිස මාෆියාවක් හේතුවෙන් සිදුවන්නක් නොවන බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු සඳහන් කරයි.

කුඩා සූර්ය බලාගාර 1300ක් ඉදිකිරීම සඳහා ඉල්ලුම්පත් 650ක් ලංකා විදුලි බල මණ්ඩලයට යොමු කර වසරක් ගත වුවත් තවමත් ඊට අනුමැතිය ලබාදීමක් පවා සාකච්ඡාවකට හෝ කැඳවා නැතැයි සූර්ය බලශක්ති එකමුතුව සඳහන් කරයි.

විදුලි ක්‍ෂේත්‍රයේ පවතින ගැටලුව හේතුවෙන් ඇතිවූ මෙම පාඩුව නැති කිරීමට විදුලි කප්පාදුව හෝ විදුලි මිල වැඩි කිරීම හෝ කරනු ඇතැයි විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයකු කීය.

Related posts

‘මම මහින්දට පමණයි… වෙන කිසිම රාජපක්ෂවරයෙක් එපා‘ – ප්‍රාර්ථනා බෝධිය ලග ඉදන් වෙල්ගම කියයි

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

colombotoday

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

colombotoday

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

colombotoday

ඌවතැන්නේ සුමන හිමි CID අත්අඩංගුවට

Admin