Colombo Today Local News

දෙමුහුන් අධිකරණ ඉල්ලන ගොන් තකතීරු වැඩ කරන්න එපා – ඩිලාන් පෙරේරා සුමන්තිරන්ට කියයි

මේ රටේ දෙමුහුන් අධිකරණයක්  පිහිටුවන ලෙස ඉල්ලා ජාත්‍යන්තර අධිකරණය යාමට උත්සාහ කිරීම  83 දි මෙන් නැවත කළු ජූලියක් ඇති කිරීමට හේතුවිය හැකි කරුණක් බැවින් එවැනි ගොන් හා තකතිරු කතා නොකියා  තමා ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව සිතා කටයුතු කරන්නැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී  සුමන්තිරන් මහතාගෙන්  තමා ඉල්ලා සිටින බව   පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (24) හාලි ඇල දී පැවැති මාධ්‍ය හමුවකදි  පැවසීය .

සුමන්තිරන් මන්ත්‍රීතුමා කියල තිබුණා  ශ්‍රීලංකාව යුධ අපරාධ කරුවෝ හැටියට නම්කරල  ඒගොල්ල නඩුදාන්න කටයුතු කරනවා කියල. සුමන්දිරන් මන්ත්‍රීතුමාට අමතක වෙලා තියෙනවා එතුමා ශ්‍රී ලාංකිකයෙක් කියල .ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියක් තියෙනවා . ඒ අධිකරණ පද්ධතියේ ‍අපේ රටේ ව්‍යාවස්ථාව අනුව දෙමුහුන් අධිකරණ පිහිටුවන්න බැහැ .


 
සුමන්තිරන් මන්ත්‍රීතුමා කියා තිබුණා  දෙමුහුන් අධිකරණ  දාන්න දුන්නෙ නැතිනම් ඒගොල්ල ජ්‍යත්‍යන්තර අධිකරණයට යනවා කියල නමුත් එතුමා නීතිඥයෙක් .ජනාධිපති නීතිඥයෙක් ව්‍යවස්ථාව හොදටම දන්නවා .අපේ රටේ ව්‍යවස්ථාවට අනුව දෙමුහුන් අධිකරන පිහිටුවන්න බැහැ කියල . මේ රටේ පුරවැසියෙක් නොවී, නීති විද්‍යාලයේ නීතිඥ විභාගය සමත්නොවී  මේ රටේ අධිකරණයක  නීතිඥවරයෙක් වශයෙන් හෝ අධිකරණයේ විනිශ්චය කාර වරයෙක් වශයෙන් පෙනී සිටින්න බැහැ . ජී.එල්. පීරිස් මහත්තයා ලියපු පොත් පාඩම්කරල තමයි අපි විභා පාස් උනේ .  නමුත් එතුමා නීතිය පිළිබදව මහාචාර්යවරයෙක් උනත් නීති විද්‍යාලයෙන් ආ නීතිඥයෙක් නොවෙයි . එනිසා එතුමාට නීතිඥයෙක් වෙන්න බැහැ .


අපේ රටේ ව්‍යාවස්ථාවට අනුව  දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්න බැහැ කියල විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා ත් කියනවා .එහෙම තියෙද්දි ජාත්‍යන්තර අධිකරණයට  යන්න හදනවානම් ඒ ඔබ කරන්නේ නැවත වරක් ඔබතුමා මේ රටේ අහිංසක දෙමල  ජනතාව බිල්ලට දෙන එක යි කියල මම සුමන්දිරන් මන්ත්‍රීතුමාට කියනවා . අහිංසක  දමිල හා සිංහල ජනතාව අතර වෛරයක් ඇතිකරල 83 වගේ කලු ජූලිය කට හේතු වියහැකි  කතා පතුරවන්න   එපා කියල සුමන්තිරන් මහතාගෙන්  කරුණාවෙන් ඉල්ලා සිටිනවා යැයිද  ඩිලාන් පෙරේරා මහතා පැවසීය .

Related posts

ඉදිරි දින කිහිපයේදී වහලා තියෙන තත්වයෙන් රට මුදවා ගත යුතුයි

colombotoday

අණ නොතකා ගිය කැබ් රියකට වෙඩි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

තේ වලට සුදුසු වෙනම පොහොරක්

colombotoday

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් බැහැරට ආ 99ක් අත්අඩංගුවට | නිරෝධායන නීති කැඩු 340ක්

colombotoday