Colombo Today Local News

පාර්ලිමේන්තුව අවධානම් තත්වයක

අධි ආරක්ෂිත කලාපයේ පිහිටි පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති හිඩැස් නිසා බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කර ඇත.

පාර්ලිමේන්තුව ආසන්නයේම උද්ඝෝෂණ පැවත්වීම මාවනැල්ලේ අන්තවාදී කණ්ඩායම්වල නැගිටීම හා උතුර නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අදාළ අවි ආයුධ හමුවීම යන කාරණා සැලකිල්ලට ගෙන ආරක්ෂාව සම්බන්ධ තත්ත්ව වාර්තාවක් කැඳවූ බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සති අග අරුණ කළ විමසුමකදී පැවසීය.

​පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාධිනායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ්ගේ හා වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගේ ඉල්ලීමක් මත පාර්ලිමේන්තුවට ඇති තර්ජන පිළිබඳ ආරක්ෂක තත්ත්ව වාර්තාව කැඳවා ඇත්තේ පොලිස්පතිවරයාගෙනි.

මේ අනුව රාජ්‍ය ඔත්තු සේවාව හා පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ බුද්ධි ඒකකය යොදවා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳව ඇති හිඩැස් ගැන වාර්තාවක් කැඳවා ඇත.

මෙහිදී පාර්ලිමේන්තුවේ අධි ආරක්ෂිත කලාපය වූ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඔස්සේ ඕනෑම කැරලි කණ්ඩායමකට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දක්වා යාමට හැකියාවක් තිබීම, පොලිස් මුර කපොලු ආරක්ෂක භටයින්ගේ පෙර සූදානම ප්‍රමාණවත් නොවීම, පාර්ලිමේන්තුවට ප්‍රවිශ්ට වන මාර්ගවල හදිසි අවස්ථාවකට මුහුණ දීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොවීම හා ඕනෑම වාහනයකට කඩා වැදීමට හැකියාවක් තිබීම, පාර්ලිමේන්තුවට ඇතුළු වන වාහන පරීක්ෂාව නිසියාකාරව නොවීම, පාර්ලිමේන්තු ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් කණ්ඩායම් නොවීම, රාජකාරියේ නිරත පොලිස් කණ්ඩායම්වලට එක දිගට පැය දොළහක සේවා මුරයක යෙදීම නිසා ඔවුන්ගෙන් ඉටු විය යුතු කාර්යභාරය නිශ්චිතව ඉටු නොවීම යන අඩුපාඩු හා ආරක්ෂාවේ හිඩැස් සම්බන්ධව තොරතුරු තහවුරු වී ඇත.

මෙම ආරක්ෂාවේ හිඩැස් හඳුනා ගැනීමෙන් පසු දැනටමත් ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ලබාදී ඇති බවත් පොලිස්පති වාර්තාව ලිඛිතව ලබාදුන් පසු කථානායකවරයාට යොමු කර අවශ්‍ය කටයුතු යොදන බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් කණ්ඩායම් ප්‍රමාණවත් නොවන බැවින් පිරිස් බලය වැඩි කරන්නැයි පාර්ලිමේන්තු ආරක්ෂාව භාර පොලිස් අධිකාරිවරයා කළ ඉල්ලීමද මේ වන විට පොලිස්පතිවරයාට යොමු කර ඇත.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පොලිස් කණ්ඩායම්වලට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස කථානායක නිල නිවාස, ගොවි ජන මන්දිරය හා පොල්දූවේ ආරක්ෂාවද පැවරී ඇත. නමුත් පිරිස් බලය නොමැති නිසා පැය දොළහක් එකම කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ රාජකාරි කරන්නට සිදුවී ඇත. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකා භටයින් පැය දෙකක් රාජකාරි කරන විට පැය හතරක විවේකයක් ලබා දිය යුතුය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සෝදිසි මෙහෙයුම්වල නිරත කුඩා කණ්ඩායම හැර හදිසි තත්ත්වයකට මුහුණ දීමට සිටින්නේ පොලිසියේ කණ්ඩායම් පමණක් බවද මෙම විමර්ශනයේදී හෙළිවී තිබේ.

ආරක්ෂක සෝදිසි කරන ගේට්ටුවලින් යකඩ ඇතුළු ඕනෑම දෙයක් රැගෙන යෑමේදී වදින සයිරන් නළා පවා ක්‍රියාත්මක නොවන බව මෙම විමර්ශනයේදී හෙළි වී ඇත.

Aruna

Related posts

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

Admin

“ගෝඨා වැඩේ කරන්න කිව්වා”- විනාඩි 7න් ගත් තීරණයක් ගැන ෆොන්සේකා හෙළි කරයි

colombotoday

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin