Colombo Today Local News

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා‘ සතියක් නම්කෙරේ… බෞද්ධ කොඩි ඔසවා තබන්න ජනතාවගෙන් ඉල්ලීමක්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මාර්තු 16 සිට 23 දක්වා ප්‍රකාශයට පත්කර තිබෙන “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පිළිඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට අද (14) සහභාගී වෙමිණි.

ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා සෙසු අමාත්‍යංශ ඒකාබද්ධ වී “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පුරාවට ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කර ඇති අතර එම සතිය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත් වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් තමන් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකු ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් කටයුතු නොකළ බවත්, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්මල චින්තනයට අනුව ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමෙන් පසුව ලෝක උරුමයක් බවට පත් කිරීමේ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මාර්තු 17 වන දිනය තුළදී දිවයින පුරා දහම් පාසල් ගොඩනැගිලි නොමැතිව ගස් යට දහම් අධ්‍යාපනය ලබන දු දරුවන් වෙනුවෙන් තෝරාගනු ලැබූ විහාරස්ථාන 226ක දහම් පාසල් ශාලා ඉදිකිරීම ආරම්භ කරන බවත්, එක් දහම් පාසල් ශාලාවක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 33 වැයවන බවත්  අමාත්‍යවරයා පැවසිය.

Related posts

අඹ ගෙඩියක් කෑ ගැබිනි මවක් මියගිහින්

Admin

සාමනේර හිමිවරුන්ට පහරදුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගර ගත කෙරේ

colombotoday

රවි කරුණානායක එ.ජා.ප.යේ උපනායක ධුරයෙන් ඉවත් කිරීම සහ බැඳුම්කර වංචාව, “සෙරෙප්පු සහ පපඩං” වගේ

colombotoday

යුක්තියේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහය

Admin

මෛත්‍රී – මහින්ද හමුවකට සූදානම්.. පොහොට්ටුව ගැන සාකච්ඡාවක් !

colombotoday

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

colombotoday