Colombo Today Local News

ඉන්දු – පාකිස්තාන ගැටුම් ගැන ලංකාවේ දැඩි කනස්සල්ල

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කලනස්සල්ලට පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව පාකිස්තායේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය.

කෙසේ වෙතත් දෙරටේ ගුවන් හමුදාවන්හි ප්‍රහාරක යානා කිහිපයක්ද මේ වන විට දෙරට  විසින් බිඳ දමා තිබේ. මෙම ඇතිව තිබෙන තත්ත්වයන් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

දකුණු ආසියා කලාපයේ සාමයට හා ස්ථාවර බවටත්, ද්විපාර්ශ්වික ගැටලු සංවාදය හා විශ්වාසය ගොඩනැංවීම මඟින් විසඳීම ඇතුළු නොසන්සුන්කාරී බව සමනය කරන සියලු ප්‍රයත්නවලටත් ශ්‍රී ලංකාව සිය සහයෝගය පළ කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එසේම සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය හා ස්ථාවර බව සහතික වන ආකාරයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ඉල්ලා සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ත්‍රස්තවාදී උවදුරෙන් පීඩාවට පත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව පුල්වමාහිදී සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතා පැහැදිලි ලෙස හෙළා දකින බවත්  ත්‍රස්තවාදයේ සියලු ස්වරූප හා විද්‍යමානවීම්වලට එරෙහිව කෙරෙන්නා වූ සංග්‍රාමයට  සහයෝගය ලබා දෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

“ඩයස්පොරා තහනම ඉවත් කරලා, සංහිදියාව වෙනුවෙන් වැඩ ගොඩක් කරලා.. ඒත් මානව හිමිකමුත් කඩලා” ඇමරිකාවෙන් වාර්තාවක් එයි

colombotoday

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

colombotoday

වැරදි හදාගන්න… විල්පත්තුවේ කැපූ ගස්වල හිලව්වට ගස් ලක්ෂයක් හිටවන්නැයි ජනපති ඇමති රිෂාඩ්ට කියයි..

colombotoday

චමුදිතට එල්ලවූ අසූචි ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි.

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකුට ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී රිදෙන්නම දෙයි (VIDEO)

colombotoday