Colombo Today Sports News

සම්මානය දිනූ කුසල්ගෙන් සමාජ ජාලා රසිකයන්ට දැවැන්ත ප්‍රහාරයක්..!

වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමින්  ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ දකුණු අප්‍රිකාව සමග පෝර්ට් එලිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමින්.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 9 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 84 ක් රැස් කළ අතර සිය ටෙස්ට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 75ක් රැස් කළා.

ඒ අනුව එහිදී දෙවන තරඟයේ වීරයා බවට පත් වූ කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට මෙවැනි ළකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බවයි. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු  මෙලෙස ප්‍රකාශ කළා.

ඇත්තටම මම ටීම් එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම වැටිලා හිටපු වෙලාවෙ මට ගොඩක්උදව් කළා.ඇත්තටම ලංකාවෙ ක්‍රිකට් දන්න අය විතරයි මාත් එක්ක හිටියෙ. මට මොනවා කිවුවත් මගේ ටීම් එක මාත් එක්ක හිටියා. මීඩියා මොනවා කිවුවත්, ශෝෂල් මීඩිා මොනවා කිවුවත් ටීම් එක මාත් එක්ක හිටියා මම ඒ ගැන සතුටු වෙනවා.

Related posts

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

colombotoday

අවසන් T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක පරාජයක්

colombotoday

IPL වෙනුවෙන් ඉන්දියාවට ආ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ශ්‍රීලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අද පල්ලේකැළේ දී ඇරඹේ

colombotoday

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාස ගත ජයක්.

colombotoday