Colombo Today Local News

ජිනීවා සමුළුව ඉලක්ක කර සිදුවන රණවිරු දඩයම නවත්වන්න. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනාධිපතිට ලිපියක්

එළැඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත ජිනීවා සමුළුවට සමගාමීව බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සහ දේශද්‍රෝහී දේශපාලනඥයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා රණවිරු දඩයම නවතා දැමීමට වහාම මැදිහත් වන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ අස්සනින් යුත් විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඔවුහු එසේ සඳහන් කර ඇත.

තවද පටු අරමුණ වෙනුවෙන් නාවික හමුදා නිලධාරීන් 11 දෙනකු බිලිදීමට සූදානම් වන බවත් දෙමළ ඩයස්පෝරාව චෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ 2015දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද 30/01 යෝජනාවෙන් රණවිරුවන්ට එරෙහිව නඟන ලද සාපරාධී මනුෂ්‍ය ඝාතන, බලහත්කාරයෙන් පැහැරගෙන යෑම හා කෘෘර වධහිංසා පැමිණවීම් යන යුද අපරාධ චෝදනා තහවුරු කරගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා වෙනුවෙන් බවත් මේ ලිපියෙන් පෙන්වා දේ.

මේ තොරතුරුත් සමඟ විදෙස්ගතශ්‍රී ලාංකිකයන් රජය පිළිබඳ මහත් කම්පනයකට සහ කනගාටුවට පත්ව ඇති බවත් රට බේරාගත් රණවිරුවන්ට මෙලෙස සැලකීම ගෝලීය ශ්‍රී ලාංකික සංසදය තරයේ හෙළා දකින බවද වැඩිදුරටත් ඔවුහු එම ලිපියේ සඳහන් කර තිබේ.

Related posts

“යුද වීරයෙක් වුවත් වැරදි කර ඇත්නම් කිසිදු සමාවක් නෑ” – නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා

colombotoday

සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර

colombotoday

යුද හමුදා බසයක ගැටුනු තුන් හැවිරිදි දැරියක් මිය යයි

Admin

දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

Admin

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

colombotoday