Colombo Today Local News

ජාතික ආණ්ඩුවක් හැදීම බලු වැඩක්…

මේ ආණ්ඩුවට අපි වැඩිදුර යන්න ඉඩ තියන්නේ නැහැ. නිසැක වශයෙන්ම මේ අවුරුද්ද තුළ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් හතට එහාට මේ ආණ්ඩුවට යන්න බැහැ. අද ඉඳලා හරියටම තව දවස් දෙසිය අසූඅටයි මේ ආණ්ඩුව ගෙදර යවන්න අපිට ඉතිරි වෙලා තිබෙන්නේ.

හිටපු අමාත්‍ය පොදුජන පෙරමුණේ සංවිධායක ඩලස් අලහප්පෙරුම මේ අදහස් පළ කළේ ඇල්පිටිය විහාරමහා දේවි පිරිවෙන් ශාලාවේ පැවැති ජනහමුවක් අමතමිනි. එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කරලා තිබෙන්නේ සාහසික යෝජනාවක්. ජනතා පරමාධිපත්‍ය විනාශ කරන යෝජනාවක්. හද්දා පිටිසර ගමේ මිනිහකුගේ ගමේ භාෂාවෙන් කිව්වොත් මේක බලු වැඩක්.

ඒ නිසා මේකට අපි විරුද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ සභානායක කිරිඇල්ල ඇමැතිතුමා කියනවා ජාතික ආණ්ඩුවක් නිසා කැබිනට් එක වැඩි කරන්න යෝජනාවක් ගෙන එනවා කියලා. එක කැබිනට් ඇමැතිවරයෙක් නඩත්තු කරන්න මාසයකට මිලියන පහක් යනවා. එතකොට ඇමැතිවරු දහඅටක් නඩත්තු කරන්න මිලියන අනූවක්, ඒ කියන්නේ කෝටි නවයක්. අවුරුද්දකට කෝටි එකසිය අටක් යනවා.

රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය මේකද. උපාධිධාරීන් 70 දහසකට අධික පිරිසක් අද රැකියා විරහිතව ඉන්නවා. එක පත්වීමක් දුන්නේ නැහැ. ඒ ප්‍රශ්නය ජනතාවට තිබෙද්දී ඒවාට විසඳුම් නොදෙන ආණ්ඩුව කැබිනට් එක වැඩි කරගන්න හදනවා. බුද්ධික පතිරණ රාජ්‍ය ඇමැතිතුමා කියනවා කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගුයි කියලා. දරුවො ඉන්න හැම අම්මා කෙනෙක්ම කම්පාවෙලා ඉන්නෙ මේ ගැන අහලා. ආණ්ඩුවට ඒක ප්‍රශ්නයක් නෙවේ.

අපේ රටේ ඕනෑම දේශපාලන තක්කඩියකුට හැංගෙන්න තියෙන එකම තැන ප්‍රජාතන්ත්‍රවාදය විතරයි. සිංහල භාෂාවේ ඒ වචනයත් අද මේ ආණ්ඩුව දූෂණය කරලා ඉවරයි.

Related posts

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

තරුණියක් නිසා ලාංකික සගයාව ව්‍යාජ ත්‍රස්ත කුමන්ත්‍රණයක පැටලවූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් ක්වාජාගේ සොහොයුරා පිළිගනී

colombotoday

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday