Colombo Today Local News

හිරගෙදරට ගිය ඇමති රවී ඥාණසාර හිමිගෙන් කළ ඉල්ලීම

අතීතයේදී පවා රාජ්‍ය  පාලනය වෙනුවෙන් සඝ පරපුරේ උපදෙස්, අනුශාසනා සහ ආශිර්වාදය ලබාගත් බවත්, එල්ල වී ඇති චෝදනා වලින් නිදහස්ව පැමිණි පසු, රටේ භෞමික අඛණ්ඩතාවය, ඒකීයභාවය, සුරක්ෂිතතාවය සුරැකීම සහ බෞද්ධාගමේ තිර ජීවනය උදෙසා  නායකත්වය ගෙන කටයුතු කරන ලෙසත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළකර ඇත්තේ, අසනීපව වැලිකඩ බණ්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සුවදක් සොයා බැලීමට (21) පෙරවරුවේ වැලිකඩ බණ්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීය. මෙම අවස්ථාවට  සංහිදියා සහ ජාතික සංවාද අමාත්‍ය මනෝගනේෂන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙහිදී ඥාණසාර හිමියන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනය කළ අමාත්‍යවරුන්, අතීතයේදී යම් යම් පිරිස් වෙතින් සිදුවූ වැරදි අමතක කොට, රට ජාතිය වෙනුවෙන්  ඔවුන්ට සමාව ලබාදී, රටේ දියුණුවට අවශ්‍ය සංහිදියාව ගොඩනැගීම සදහා සිංහල බෞද්ධ නායකයෙක් වශයෙන් නායකත්වයක් ලබාදෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ.

තමන් විසින් නොකළ වැරදි, චෝදනා පත්‍රයකට ඇතුළත් කර, ඒවා අධිකරණය හමුවේ ඔප්පු කර, තමන්ව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණ බව පැවසූ ඥාණසාර හිමියන්, එදා අධිකරණ ශාලාව තුළ මහේස්ත්‍රාත්වරයා සහ තමන් වහන්සේ අතර ඇතිවු කතාබහ ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරිසරන බවත්, එය නරඹා සත්‍ය තේරුම් ගතහැකි බවත් අමාත්‍යවරුන්ට පැහැදිළි කර ඇත.

Related posts

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

colombotoday

උද්ධමනය ඉහළට…

colombotoday

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

colombotoday

සතොස සහල් මිල අඩු වෙයි

colombotoday

ප්‍රතික්ෂේප කල ඥානසාර හිමිගේ නාමයෝජනා පිළිගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

colombotoday