Colombo Today Local News

කුඩු ගහන ඇමතිලා ගැන හොයන සිව් පුද්ගල කමිටුව හෙට රැස්වෙයි…

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පත් කළ සිව් පුද්ගල කමිටුව හෙට(22) දින රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට උදෑසන 9.30ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර 7 දී මෙම කමිටුව රැස්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ දිනවල දේශපාලන තලයේ මෙම සිදුවීම ආනදෝලනාත්මක කතාබහක් නිර්මාණය කර තිබේ.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් සිව්පුද්ගල කමිටුවක් මෙලෙස ඊයේ(21) දිනයේ දී පත් කෙරිණි.

එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය ආශු මාරසිංහ සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික නීතිඥ නිශ්ශංක නානායකාර යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් වෙයි.

Related posts

“විප්ලවකාරී වෙනසක් කළා.. රට දැන් සංවර්ධන මාවතේ” – ජනපති ජී7 අමතයි

colombotoday

ගොවියෝ ගහයි කියලා ආණ්ඩුව කන්න රැස්වීමක්වත් තියන්නේ නෑ!

colombotoday

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday

මහරගම පොලිසීය නීතිය නවයි. – අයුතු ලෙස ඇතුළුවූ චුදිතයා නිදැල්ලේ

colombotoday

ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි

colombotoday

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

colombotoday