Colombo Today Local News

හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රමවලින් සංහිදියාව හදන්න බෑ

හමුදා සෙබළුන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රම තුළින් රට තුළ සාමය හා සංහිඳියාව ඇති කළ නොහැකි බව විශ්‍රාමික හමුදාපති දයා රත්නායක මහතා සඳහන් කළේය.

ඒ සඳහා සියලු දෙනා කැපකිරීම් සිදුකළ යුතු බවත්, හමුදා සෙබළුන් වරදක් කර ඇත්නම් ඒ සඳහා දඬුවම් කිරීම ක්‍රමවේදයකට සිදුකළ යුතු බවත් අද (20දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ ආරක්ෂක අංශ සාමාජිකයන් තිස්දහසක් ජීවිත පූජා කර, හතළිස්දහසක් ශරීර කොටස් පූජා කර, ලක්ෂ ගණන් දායකත්වය ලබාදීමෙන් බවද විශ්‍රාමික හමුදාපතිවරයා කියා සිටියේය.

මේ වන විට යුද හා නාවික හමුදා නිලධාරීන් 15ක් හා සෙසු නිලයන්වල පිරිස් 35ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, යුද හමුදා සාමාජිකයන් 704කින් ප්‍රකාශ ලබා ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

Related posts

බැදුම්කර පගාව 118දෙනා හෙළි නොකළොත් ජනපති කාර්යාලය වැටලීමට සූදානම්

colombotoday

සහරාන් මරාගෙන මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා….

colombotoday

හිටපු ඇමති සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

colombotoday

මන්නාරමේ පිපිරීමක්

colombotoday

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday