Colombo Today Local News

උතුරු පළාත් ඇමති ආනන්දි සශිහරන් යලත් පාලන නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව සදහා එක් විය.

ආනන්දි සශිහරන් මහත්මිය කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන අංශයේ පාලන නිලධාරිනියක වූ අතර ඇය 2013 වසරේදී දේශපාලන කටයුතු වල නිරත වීම සදහා නිවාඩු ලබාගෙන තිබේ.

පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුව අය ජයග‍්‍රහණය කොට උතුරු පළාත් සභාවට මන්ත‍්‍රීවරියක වශයෙන් තේරී පත් වී පසුව අමාත්‍යවරියක් බවට පත්විය.

හදිසියේම යළිත් රාජ්‍ය සේවයට එක්වූයේ දේශපාලනයෙන් සමුගැනිම සදහා දැයි ආනන්දි සශිහරන් මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ දේශපාලනය පිළිබදව ඉතාම තදින් තමන් කලකිරී සිටින නමුත් දේශපාලනයෙන් සමුගැනීමට මෙතෙක් තීරණය කොට නොමැති බවයි.

Related posts

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

ඉන්දු – ලංකා හනුමා පාලම අනිවාර්යෙන්ම හදනවා – ඉන්දීය රාජ්‍ය ඇමති කියයි

colombotoday

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

colombotoday

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කෙරේ

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin