World

මත්පැන් විෂ වී 100ක් මිය යයි…

ඉන්දියාවේ  ප්‍රාන්ත දෙකක වැසියන් 100කට අධික පිරිසක් නීතිවිරෝධී මත්පැන් පානයෙන් මිය ගොස් ඇත.

මත්පැන් පානයෙන් මිය ගොස් ඇත්තේ, හර්ද්වාර් සහ උත්තර්කන්ද් යන ප්‍රාන්ත දෙකෙහි පිරිසක් බවත්, උත්තර්ප්‍රදේශ් සමීපයේ  දිස්ත්‍රික්ක දෙකක පුද්ගලයන්ද උදරයේ වේදනාවක් පිළිබද  ගැටලුවකට මුහුණදී ඇති බවත් නිලධාරීහු පවසති.

මෙම පිරිස මිය ගොස් ඇත්තේ හූච් නමැති දේශීය මත්පැන් භාවිත කිරීම හේතුවෙනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි හරිද්වාර් පොලිසිය පවසයි.

හරිද්වාර්හි මිනිසුන් 36ක් මිය ගොස් 18ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, උත්තරප්‍රදේශ්හි පුද්ගලයන් 69ක් මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර්ස්)

Related posts

සූඩානයට යළි සිවිල් පාලනයක් – නව හමුදා කවුන්සිල ප්‍රධානියාගෙන් පොරොන්දුවක්

colombotoday

ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 6ක් මරුට – 81ක් රෝහලේ…

Admin

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

“ඉස්ලාමික රාජ්‍ය” ත්‍රස්තවාදීන් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමති

colombotoday

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday