Colombo Today Local News

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පලාගිය තවත් ප්‍රබල පාතාල නායකයෙකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි පොලීසිය මගින් පසුගිය 06 වනදා මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

අංගොඩ ලොක්කා නැමති මෙම පාතාල නායකයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙන්ම මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් පිළිබඳව චෝදනා එල්ලවී තිබෙනවා.

මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ මෙරට සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධවයි.

අන්දරවත්තේ චාමර නැමති පාතාල නායකයා ඊයේ අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදියි.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කය තුළ සිටින මාකඳුරේ මධුෂ්ගේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය ඊයේ ප්‍රකාශ කළා.

ඩුබායිවලින් ලැබෙන වාර්තාවලට අනුව එරට පොලීසිය මාකඳුරේ මධුෂ් ඇතුලු සෙසු පාතාල නායකයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.


Related posts

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday

සියලු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි…

colombotoday

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

colombotoday

අභ්‍යන්තර අධිකරණයේ දී සාක්කි දෙන්න මැකරේ දත කට මදියි…

colombotoday

පාසලට සිසුන් අතුළත් කිරීමේදී රු ලක්ෂ 76ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කල විදුහල්පතිට මාරුවක්

Admin

බාල වයස්කාර දැරියක් දූෂණය කර මරා දමා සැඟව සිටි සැකකරු අත්අඩංගුවට

colombotoday