Colombo Today Local News

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

සිරගත කර සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙටට යෙදෙන නිදහස් දිනයේදී ජනාධිපතිවරයා විසින් නිදහස් නොකිරීමේ තිරණයක සිටින බව වාර්තා වෙනවා.

මහනායක හිමිවරුන් ඇතුළු සියලු සංඝ සභා විසින් නිදහස් දිනයේදී “ජනාධිපති පොදු සමාව” යටතේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීම් සිදු කර තිබුණු අතර ඊට සමගාමීව මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා, ශ්‍රී ලංකා හිංදු සම්මේලනය, මුස්ලිම් සංවිධාන, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායකවරයා ඇතුළු සංවිධාන සහ දේශපාලන නායකයන් රැසක් ඉල්ලීම් සිදු කර සිටියා.

කෙසේ වෙතත් ඊට විරුද්ධව මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන (NGO) කිහිපයක් ජනාධිපතිවරයාට ලිපි යොමු කරමින් ඥානසාර හිමි නිදහස් නොකරන ලෙස ඉල්ලීම් කර සිටියා.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඥානසාර හිමි නිදහස් කිරීමේ තිරණයක ජනාධිපතිවරයා සිටින නමුත් එය පෙබරවරී 4ට යෙදෙන නිදහස් දිනයේදී සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයත් පිළිබඳව භික්ෂුන් වහන්සේලා නොසතුටට පත්ව සිටින අතර ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරි සතියේදී උද්ඝෝෂණ රැසක් ක්‍රියාත්මක කිරීමට සුදානමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

colombotoday

අත්අඩංගුවට ගැනීමට පෙර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගෙන් සටහනක්

colombotoday

සජිත්ගේ ප්‍රතිපත්තියේ දෙමළ පිටපතෙන් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය” ඉවතට !

colombotoday

තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකිවුණා – ජනපති

colombotoday

රක්ෂිත කැලෑවක නිදන් හෑරූ හතරක් අත්අඩංගුවේ

Admin

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙන් ලංකාවට!

Admin