Colombo Today Local News

නවතා තිබෙන ගුවන් යානයකට වසරකට කෝටි 130 ක්‌ ගෙවලා.- ශ්‍රී ලංකන් අභ්‍යන්තර විගණක පිළිගනී

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඒ 350 – 900 ගුවන් යානා තුනක මිලදී ගැනීම අවලංගු කිරීමේදී ඊට අදාළ කොන්දේසි අනුව සමාගමට ලබා ගැනීමට සිදු වූ දැනට භාවිතා නොකර නවත්වා තිබෙන ඒ 330 – 220 ගුවන් යානයක්‌ වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 130ක්‌ (මසකට රුපියල් මිලියන 110 ක්‌) ගෙවීමට සිදුව තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ අභ්‍යන්තර විගණක මහේෂ් නානායක්‌කාර මහතා ඊයේ (01) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය.

පෙර රජය යටතේ ලීස්‌ කර ලබා ගත් මේ ගුවන් යානා පසුව බලයට පත් වූ යහපාලන රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණය විසින් මේ ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කරන ලදී.

අදාළ ගුවන් යානා මිලදී ගැනීම අවලංගු කිරීමේ ගිවිසුමට අනුව මෙම ඒ 330 – 220 ගුවන් යානය ලබා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුව ඇති බවද ඊයේ (01) කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහේෂ් නානායක්‌කාර මහතා පැවසීය.

මෙම ගුවන් යානයට අදාළ ගෙවීම් සමාගමේ අභ්‍යන්තර විගණනයට ලක්‌ව නොමැති බව රජයේ නීතීඥයා අසන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සාක්‌ෂිකරු පිළිගත්තේය.

එම මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවීමට සිදුව තිබෙන බවද ඔහු පිළිගත්තේය.

කොමිසම් හමුවේ රජයේ නීතීඥයා සාක්‌ෂිකරු අමතමින් කීවේ ඔහු තම රාජකාරි වගකීම් නිසි ලෙස ඉටු කර නොමැති බවයි. එහෙත් සාක්‌ෂිකරු මේ බව පිළිනොගන්නා බව කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්‌ඩලයක්‌ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටිති.

කොමිසම ඊයේ (01) උදේ 10.30ට පමණ කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌විය.

Related posts

සිංහලයන් උතුරෙන් පැන්නීම සංහිදියාවද? ‘ලක්මව දියණියෝ‘ විග්නේෂ්වරන්ගේ පරපීඩක කාමය හෙළා දකී

colombotoday

රනිල් ඉරිදා අගමැති ධූරයේ දිව්රුම් දෙයි

colombotoday

රණවිරුවන් හිරකරන්න සාක්ෂිදුන් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ

colombotoday

සා. පෙළ ප්‍රතිඵල එනකන් දරුවන්ට පාසලේදීම වෘත්තීය පුහුණුවක්

Admin

ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

colombotoday

රජයේ බලධරීන් පොරොන්දුව කඩයි… චීනයෙන් පරිත්‍යාග කළ බුදුපිළිම වහන්සේලා තවමත් රේගුවේ..

colombotoday