Colombo Today Local News

ඇමැති 20කගේ දුෂණ ෆයිල් ජනපති කොමිසමට

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවේ පසුගිය තුන් වසරක වංචා දූෂණ සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ටොප් 20 නමින් රජයේ මැති ඇමැතිවරුන්ගේ වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු විස්සක් භාරදීමට කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධනගෙන් විමසූ අවස්ථාවේ ඔහුද එම තොරතුරු සනාථ කළේය. ඔහු සඳහන් කළේ මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හෙළිදරව් කරගත් කරුණු අනුව ඉබි ගමනේ නමුත් නීතිය ක්‍රියාත්මක වන නිසා රජයේ මැති ඇමැතිවරු විස්සකට අධික පිරිසකට එල්ලවී ඇති දූෂණ හා වංචා චෝදනා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය සතු තොරතුරු කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බවය.

Related posts

විභාග වෙමින් පවතින නඩු 25 යි වරෙන්තු 11ක් ඇති අපරාධකරුවෙක්

colombotoday

“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි

colombotoday

බාල තෙල් නැව තවමත් ත්‍රීමලේ.. තෙල් තොගය වෙනත් නැවකට පටවා ගොඩබෑමේ සූදානමක් !

colombotoday

ICC ප්‍රධාන විධායක සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

Admin

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගත් නාවික හමුදාවේ දැවැන්ත මෙහෙයුම (Photo)

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම්

Admin