Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

ශ්‍රී ලංකාව ඇතුළත ඇමෙරිකානු හමුදා කඳවුරක්‌ පිහිටුවීම සඳහා අවශ්‍ය ගිවිසුමක්‌ ඇතිකර ගැනීමට ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 ඇමෙරිකානු රජය හා ශ්‍රී ලංකා රජය අතර මේ පිළිබඳව ගිවිසුමකට එළඹීමට ඉකුත් අගෝස්‌තු මස 18 වැනිදා සාකච්ඡා පවත්වා ඇති බව ද ඊයේ

 (18 දා) පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

 මෙරටට ඇමෙරිකානු හමුදා භටයන් හා හමුදා භාණ්‌ඩ, සන්නිවේදන උපකරණ ඇතුළු උපකරණ මෙරටට ගෙනැවිත් ලංකාව සමඟ කටයුතු කිරීමට සැලසුම් කරන බව ද හෙතෙම කීය. පැමිණෙන පිරිසට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට රජය දී තිබෙන හිමිකම් සියල්ල ලබාදීමට යෝජනා වී ඇති බව ද එය රටට ඉතා හානිදායක විය හැකි බව ද ඒ මහතා කීවේය.

 ඉරාකය ඇතුළු රටවල් රැසක්‌ ඇමෙරිකානු කඳවුරු නිසා දැඩි ගැටලුවලට මුහුණ දුන් බව ද ලංකාවේ ද ජාතික ආරක්‍ෂාවට මෙමඟින් තර්ජන එල්ල විය හැකි බව ද කී ඒ මහතා වහාම ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

 එජාප ආණ්‌ඩුව අත්සන් කළ ගිවිසුම් රැසක්‌ රටට ඉතා අහිතකර නිසා මේ පිළිබඳව ජනතාව හා අනෙක්‌ වගකිවයුත්තන් සොයා බැලිය යුතු බව ද ජයසේකර මහතා කියා සිටියේ ය.

Related posts

කුඩු තොගයට බදුර්දීන්ගේ නම පැටළේ.. මල්ලිත් එක්ක සෙට් වෙලා රටට කුඩු අදින හැටි මෙන්න !

colombotoday

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට හමුදා ආරක්ෂාව

Admin

ජාතික ආණ්ඩුවකට නැවතත් සාකච්ඡා… ද්‍රවිඩ සන්ධානයත් සහයට…

colombotoday

ස්වෛරී රටක ස්වාධීනත්වයට බලපෑම් කිරීම පහත් ක්‍රියාවක් – යුරෝපා සංගමයට රජයෙන් ප්‍රතිචාර

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පැය 24කදී නිරෝධායන නීති කැඩූ 25ක් අත්අඩංගුවේ

colombotoday