Colombo Today Local News

ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩ 3කට රුපියල් කෝටි 8372ක ණයක්…

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455 (රුපියල් මිලියන 83720) ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවේ එකඟ වී ඇත.  පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර, එහිදී එහි සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කෙරිණි.

මෙයින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ශ‍්‍රී ලංකාවට සැපයීමට එකඟතාවය පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සඳහා කුලූනු සහිත මහා මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහායි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු උප කලාපය සඳහා ආර්ථික සහයෝගය සැපයීමේ ප‍්‍රතිපත්ති රාමුව තුළ එම එකඳතාවය පළ වී තිබේ. 

එමෙන්ම විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කෙරිණි. නගර සංවර්ධන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක‍්‍රමයක් සඳහා ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදල ලබාදීමට එකඟතාවය පළ වී තිබේ.

මෙම එකඟතාවයන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා අතර ගිවිසුම්වලට අත්සන් තැබීම ද මෙහිදී  සිදු විය. මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවයි. දුගී බව තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම එම අභියෝග බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප‍්‍රමුඛ සහයක් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

මෙරටට නීති විරෝධි මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට රේගුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ තාක්ෂණ දැනුම ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව  ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අද ශ‍්‍රී ලංකාව නියඟය සහ ගංවතුර යන දෙකෙන්ම පීඩාවට පත්වන අතර ඊට මුහුණදීම සඳහා වඩා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බවයි.  ඒ අනුව දේශගුණික හා කාලගුණික විපර්යාසවලින් ශ‍්‍රී ලංකාවට වන හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එකඟතාවය පළ කළේය.

Related posts

සයිටම් කොටස් වෙළඳපොළට – රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක්.

colombotoday

ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරයි | දින13ක PCR වාර්තා තවම නෑ

colombotoday

මාම්පුරි වැල්ලේ සගවා තිබු කහ තොගයක් සොයාගනී

colombotoday

පොහොට්ටුවට ඡන්ද ගන්න වෙන්නේ සියදිවි නසා ගන්නවා කියලයි – ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු

colombotoday

සත්‍යග‍්‍රහයට ගිය දෙමාපියෝ ඔලූවිල් සරසවියේ හිරවෙති – උපකුලපති එම්. එම්. එම්. නජීම් දෙමාපියන්ට බොරු කියලා

colombotoday