Colombo Today Local News

‘දෙමළ ජනතාවගේ ආරක්ෂකයා‘ ලෙස නම් කරයි… සුමන්තිරන්ට උතුරේදී හරසර…

දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ගන්නා මැදිහත්වීමට ගරු කොට සුමන්තිරන් මහතාට දෙමළ ජනතාවගේ ආරක්ෂකයා යනුවෙන් ගෞරවය පිරිනැමීමේ වැඩසටහනක් යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී ඊයේ (16) සවස පැවත්වීය.

“දෙමළ ජනතාව‍ගේ ආරක්ෂකයා පිළිගනිමු“ යනුවෙන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින් සුමන්තිරන් මහතාට මල් මාලා පළඳවා පේදුරුතුඩව වැසියන් විසින් පිළිගැනීම එහිදි සිදු කරනු ලැබීය.

පසුගිය සමයේ ඇතිවු දේශපාලන අර්බුද හමුවේ අදාළ දේශපාලන අර්බුද ප්‍රයෝජනයට ගනිමින් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම මඟ පාදා ගැනීම හා දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා දීමට කටයුතු කළ බවත් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම වෙනුවෙන් රජය වෙත බලපෑම් කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට සුමන්තිරන් මහතා කටයුතු කිරීම නිසා මෙම පිළිගැනීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පැවසීය.

සුමන්තිරන් මහතා වෙත මල් මාලා පළඳවා පෙරහැරකින් කැඳවා ගෙන එමින් සුමන්තිරන් මහතා පිළිගැනීම හා ගෞරවය පිරිනැමීම සිදුකළහ.

එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් කියා සිටයේ,

‘දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් මේ වසර තුල ලැබෙන්න ඕන කියලා හිටපු ජනපති මහින්දරාජපක්ෂ මහතා තෛපොන්ගල් පණිවිඩයෙන් සඳහන් කරල තිබුනා අපි ඒකට ඔහුට ස්තූති කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට එතුමත් එකතු වෙන්න ඕනයි කියලා අපි මහින්ද රාජපක්ෂ මහත්තයට ආරාධනා කරනවා රට බෙදීමකට ලක්කරන කිසිදු ආකාරයක යෝජනාවක් නව ව්‍යවස්ථාවේ ඇතුලත් වෙලා නැහැ රටතුල බලය බෙදන යෝජනා පමණයි ඇතුලත් වෙලා තියෙන්නේ අපි ඉල්ලන්නේ එක දෙයයි එක රටක් තුල කටයුතු කිරීමට කිසිම ගැටලුවක් නැහැ අපි කියන්නේ නව ව්‍යවස්ථා ක්‍රියාවලියට හිටපු ජනාධිපතිතුමන් එකතු වෙන්න ඕන කියන එකයි…යනුවෙනි.

වැඩසටහන් අවස්ථාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ෆිච් රේටින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට ඇද දමයි…

colombotoday

අවුරුදු 200කට කලින් මම වන්නි හත්පත්තුවෙන් පැනලා ගියා – අගමැති රනිල් වික්‍රමසිංහ

colombotoday

මහජන අදහස් විමසීමට එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ වැඩසටහනක් වවුනියාවේදී

colombotoday

දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට තීරණයක්

colombotoday

වැල්ලවායේ ඇගලුම් ආයතනයක කොවිඩ් ආසාදිතයින් 24ක්

colombotoday

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Admin