Colombo Today Local News

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

2005 වසරේදී එවක විදේශ කටයුතු අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ජර්මනිය පවසනවා.

නවනීදන් ජී ලෙස හඳුනාගෙන ඇති 39 හැවිරිදි සැකකරුට ප්‍රධාන චෝදනා 3 ක් එල්ලවී ඇති බවයි ජර්මානු බළධාරීන් කියාසිටියේ.

විදේශ ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය දැරීම / පුද්ගල ඝාතනය සහ ඝාතනයකට තැත් කිරීම එම චෝදනායි.

ඊ පී ඩී පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනයට තැත්කිරීම සම්බන්ධයෙන්ද මෙම සැකකරුට චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

මොහු කොපමණ කලක සිට ජර්මනියේ වාසය කර ඇතිදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

Related posts

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday

ඇමති විදුලි කප්පාදුවක් නැහැ කියද්දී විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට වේලාවන් ප්‍රසිද්ධ කරනවා

colombotoday

රාජිත ඇන ගනී – බරපතල වංචා දුෂණ විභාග කිරීමට FCID සුදානම්

colombotoday

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකින් ඇඳ වැටී තරුණියක් මරුට

colombotoday