Colombo Today Local News

පෝර්ට් සිටී ගොඩකර අවසන්…

කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 

අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට හෙක්ටාර 269 ක භූමියකින් සමන්විත කොළඹ වරාය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

ගොඩකිරීම් අවසන් කළ වරාය නගරය නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන් ෂුයෑංග් මහතා ඇතුළු පිරිසක් හෙට (16) දිනයේදී නිරතවීමට නියමිත බවද වාර්තා වෙයි.

කොළඹ වරාය නගරය හෙවත් ‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතිය මෙරට ඉතිහාසයේ ඉදිකෙරෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස දැක්වෙන අතර එහි ඉදිකිරීම් 2014 වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ කෙරිණි.

Related posts

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි‍‍යි

colombotoday

කළපුවක පාරුවක් පෙරළී ළමුන් පිරිසක් අතුරුදන්

colombotoday

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

Admin

ඇති තරම් ආධාර දෙන්න ඇමරිකාව තීරණය කරලා.. එමගින් රටේ සංවර්ධනය වේගවත් කරනවා – සජිත්

colombotoday

කැබිනට් අමාත්‍යාංශ වලට නව ලේකම්වරු 23ක්.

colombotoday

හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday