Colombo Today Local News

ආණ්ඩුකාර සාලි අනුලා විදුහලට පනී… විදුහල්පතිනියට තග දමා දහම් පාසැලක් බලෙන් අරී.. අනුලාවෝ විරෝධතාවයේ…

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වෙන බවට වාර්තා වනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිනියට මරණ තර්ජනය කල බවත් දහම් පාසැලක් බලෙන් විවෘත කල බවත් පවසන විරෝධතාකරුවන් ඊට විරෝධය පලකරමින් මෙසේ විරෝධතාවයේ යෙදෙති.

මේ අතර අසාද් සාලි මහතා තමන්ට මරණීය තර්ජනය කළ බවට විදුහල්පතිනිය විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

පාසලේ තිබුණු දහම්පාසලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝග මත වසා දමා තිබී එය යලි විවෘත කරන්නැයි ඊයේ දිනයේ පාසලට පැමිණි ආණ්ඩුකාරවරයා තමන්ට තර්ජනය කළ බව ඇය සදහන් කරයි.

නැවතත් එම දහම් පාසල විවෘත කරන ලෙසත් එසේ නොකරන්නේ නම් විදුහලෙන් මාරුකර යවන බවටත් ආණ්ඩුකාරවරයා තර්ජනය කළ බවද පවසයි.

නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝගයට පිටින් තමනට කටයුතු කළ නොහැකි බව විදුහල්පතිනිය පවසා ඇති අතර එහිදී තමන්ට මරණීය තර්ජනය කළ බව ද ඇය සඳහන් කරයි.

තමන් බස්නාහිර ආණ්ඩුකාරවරයා බවත් ජනාධිපතිවරයාගේ නියෝජිතයා බවත් පවසමින් අසාද් සාලි මහතා දහම් පාසැල බලෙන් විවෘත කල බවත් ඇය සදහන් කරන්නීය.

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන මස ශ්‍රී ලංකාවට.

colombotoday

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

Admin

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඉවන්ජලිකල් පල්ලියක් හරහා ඇමරිකානු එම්බසිය බලපෑම් කරයි…

colombotoday

බුරවි දිවයිනෙන් ඉවතට |අදත් උතුරු, උතුරු මැද සහ වයඹට තද වැසි..

colombotoday

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday