Colombo Today Local News

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

ෆෙඩරල් ගැන කියවන කිසිවෙක් ෆෙඩරල් යන්න තාමත් තේරුම්ගෙන හෝ නොමැති බවත් ෆෙඩරල් බිල්ලෙක් මවා සමහරුන් ජනතාව බියගන්වන බවත් විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (12)දා හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,      

වත්මන් රජය දෙමළ සන්ධානයට ෆෙඩරල් ලබාදෙමින් රට පාවාදීමට කටයුතු කරනවා කියමින් සමහරු නොයෙක් තැන්වල ආණ්ඩුව විවේචනය කරනවා. ඒත් ෆෙඩරල් කියන එක ඒ ගැන කියන ලංකාවේ කවුරුත් තාම හරියට තේරුම්ගෙනවත් නෑ. මේ ආණ්ඩුවට උවමනාවී තිබෙන්නේ ලංකාවේ ආයෙත් යුද්ධයක් ඇති නොවන තැනකට රට ගෙනයන්නයි.  සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාව ඒකීය රටක් තුළ එක්ව ජීවත් වීමයි අපට අවශ්‍ය.                                                                                                                      

ෆෙඩරල් කියන එක නොතේරෙන බබ්බු ටිකක් ෆෙඩරල් ෆෙඩරල් කියා කෑ ගැසුවාට එක්සත් ජාතික පක්ෂයවත් මේ රටට ආදරය කරනජනතාවවත් ඒ වචනයටවත්  එකඟ නෑ.

Related posts

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

මුහුදු ගිය දෙදෙනෙක් අතුරුදන්

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ඒකාබද්ධ විපක්ෂයට රතු එළියක් !

colombotoday

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට යයි

colombotoday

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති

colombotoday

අන්තවාදයට එරෙහිව ලාංකික හින්දු ප්‍රජාවත් අස්ගිරි මහා සංඝ සභාව සමග එක්වෙයි !

colombotoday