Colombo Today Local News

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

අමාත්‍යාංශ සඳහා විෂයයන් ගැසට් කිරීමේදී තම අමාත්‍යාංශයට ලබාදී ඇත්තේ බෝඩ් ලෑලිවලට පමණක් සීමා වූ ආයතන හතරක් පමණක් යයි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

පසුගියදා ඇතිවූ අර්බුදකාරී දේශපාලන තත්ත්වයේදී තමන් සභානායකවරයා ලෙස හා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ සටන සහ ඒ සම්බන්ධයෙන් කළ සෘජු ප‍්‍රකාශ වලට එරෙහි වීමක් ලෙස තමා අමාත්‍යාංශය අරාජික කර ඇති බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මෙය තනිකරම පුද්ගලික පලිගැනීමක් ලෙස තම අමාත්‍යංශයේ නොසලා නොසලකා හැර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කරයි. තම අමාත්‍යාංශයට තවත් ආයතන 15ක් පමණ හිමිවිය යුතුව ඇතත් ඒවා ලබා නොදීම ගැටලූ සහගත බවද කියා සිටී.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන ලෙස තමන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday

ගාල්ල වැලිගම වසම් කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ

colombotoday

මහනුවර ගැටුමට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ – රවී හෙළිකරයි

colombotoday

ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගා වෙයි

colombotoday

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා සංඝරත්නයට අපහාස කරයි. සංඝ පාතාලය ලෙස හඳුන්වයි.

colombotoday