Colombo Today Local News

ලෝක උරුම සිංහරාජය වනසා පාරක් හදයි…

යුනෙස්කෝ ලෝක උරුම සිංහරාජ රක්ෂියේ කලවාන, කුඩව පිවිසුමේ ඇති අඩි සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් යැයි පවසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජේ සී.බී යන්ත්‍ර යොදා වාහන ගමන් කිරීමට හැකිවන අයුරින් ඉන්ටර්ලොක් ගල් යොදා මාර්ගය සැකසීම සඳහා පුළුල් කරමින් පවතින බව වැසි වනාන්නර සුරැකින්නෝ සංවිධානය පවසයි.

එය සිංහරාජ රක්ෂිතයට කරන්නා වූ දැඩි හානියක ආරම්භය බවත් වාහන ගමන් කිරීමට තවත් මාර්ගයක් තිබියදී මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඔවුහු පවසති.

මෙම යෝජිත පාර කිලෝ මීටර 1.2 පමණ දිගකින් යුක්ත් වෙයි. වන රක්ෂිතය අභ්‍යන්තරයේ දැකිය නොහැකි කුරුළු විශේෂ නැරඹීමට මෙම අඩිපාර සංචාරකයන් සඳහා ප්‍රචලිත ස්ථානයක් බවත් සර්ප විශේෂ, කෘමි විශේෂ, කටුසු විශේෂ, ගොළුබෙලි විශේෂ බහුලව දැක ගැනීමට හැකියාව ඇති අතර නෙලූ, මීවන ඇතුළු ශාක විශේෂ ගණනාවක් මෙම අඩි පාර දෙපසින් දැක ගැනීමට හැකියාව ඇති බවත් ඔවුහු පවසති.

මෙම මාර්ගය ඉදි කොට වාහන ගමනා ගමනය කිරීම ආරම්භ උවහොත් වාහන මගින් පිටවන දුම් නිසාවෙන් වාතය දූෂණය වී සිතා ගත නොහැකි විනාශ කාරී තත්වයකට සිංහාරාජ වන බිම පත් විය හැකියාව අති බවත් ඔවුහු පෙන්වාදෙති.

Related posts

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

“නීතිය හා සාමය ෆොන්සේකාට දී 2020 දක්වාම යහපාලනය කරන්න ශ්‍රීලනිපය එකගයි” – දුමින්ද දිසානායක

colombotoday

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday