Colombo Today Local News

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප  දෙනෙකුට නව අමාත්‍ය තනතුරු ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය රහිත කරුණු සහිතව රටට අවාසි සහගත ලෙස සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කළ මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයා මින් ප්‍රමුඛ වන අතර කිසිදු අමාත්‍යාංශයක් ඔහුට ලබා දිමට තමන් කැමති නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාටද අමාත්‍ය ධුරයක් ලබා නොදෙන බවද ඊයේ 18 පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඊයේ එජාපයට එක්වූ සන්ධානයේ තිදෙනාටද අමාත්‍ය මණ්ඩලයේ ඉඩක් නැති බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

Related posts

බලය බෙදන ව්‍යවස්ථාව ඉදිරියටම, සජිත් එකගවූ යෝජනා මෙන්න !

colombotoday

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂ‍යේ හර්ෂට

Admin

කූට සහල් වෙළෙඳුන් සොයා වැටලීම්

colombotoday

ජවිපෙ අපේක්ෂකයෙකුගේ මෝටර් රථයට ගිනි තබයි

colombotoday

ඇමති චම්පිකගේ රියේ හැප්පුණු සංදීපගේ පියා කියන කතාව!

colombotoday

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

Admin