Colombo Today Local News

සදුදා අලුත් ආණ්ඩුවක්… අලුත් අගමැති ගැන තීරණය දින දෙකකින්…


ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (13) පවසා ඇත.

එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමේන්  පසුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.  

කෙසේ නමුත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්නේනම් එම ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නැතැයිද මන්ත‍්‍රීවරයා කීය.

  

Related posts

අමරවීර කාල්ටන් නිවසට.. පොහොට්ටු-ශ්‍රීලනිප ලොක්කො රහස් කතා

colombotoday

පුද්ගලයෙකුව වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

මොහොමඩ් සාෆි නැවත සේවයේ පිහිටුවීමට (එජාප+ජවිපෙ+TNA පත්කල) රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණයට ජනපතිගේ විරෝධය !

colombotoday

මාලිමාව උතුරේ ඉඩම් අත්පත් කරගැනීමක? ආණ්ඩුවේ ගැසට් රිවස්!

Admin

විශ්‍රාමික පාරිතෝෂිතය ගැන සුබ පණිවුඩයක්

Admin

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin