Colombo Today Local News

මහා මැතිවරණයට හකීම් – බදුර්දීන් එකම පක්ෂයකින් තරඟ කිරීමේ සුදානමක්

රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත්, රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයත් ලබන මහ මැතිවරණයේදී සමඟි සන්ධානයක් ලෙස තරග කිරීමට සූදානම් වෙයි.

මේ පක්ෂ දෙක එසේ සන්ධානයක් ලෙස තරග කිරීමේ එකඟතාවකට පැමිණ තිබෙන්නේ එම පක්ෂ දෙකේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පසුගියදා මක්කම ගිය වන්දනා ගමනේදීය.

මක්කම වන්දනාවට ගිය හකීම් ඇතුළු ඔහුගේ මන්ත්‍රි කණ්ඩායම මිලේනියම් හෝටලයේත්, රිෂාඩ්ගේ මන්ත්‍රි කණ්ඩායම හිල්ටන් හෝටලයේත් ලැගුªම් ගෙන ඇති අතර ඉකුත් සතියේ සිකුරාදා මේ කණ්ඩායම් දෙකේම නායකයන් දෙදෙනා මක්කම පූජනීය ස්ථානයට කැඳවා ඇති එම පල්ලියේ සහකාර අධ්‍යක්ෂ ශ්‍රී ලාංකිකයකු ද වන කුරුණෑගල සදික් හජ්ජියාර් රට වෙනුවෙන් පක්ෂ දෙක එකඟතාවකට පැමිණ ගැටුම් ඇති කර නොගෙන ඉදිරියේදී සමඟියෙන් වැඩ කළ හැකි වාතාවරණයක් ඇති කර ගන්නැයි ඉල්ලා තිබේ.

මේ හමුවෙන් පසුව සදික් හජ්ජියාර් එම මුස්ලිම් පක්ෂ දෙකේ සෙසු මන්ත්‍රිවරුන්ද කැඳවා මේ පණිවුඩය ඔවුන්ට දැනුම් දුන් බවද වාර්තා වේ. දැනට මේ පක්ෂ දෙක ඉදිරියේදී සමඟි සන්ධානයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බවද එම පක්ෂ දෙකේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday

රු. මිලියන 2778කට අධික වටිනා කමින් යුත් හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

colombotoday

ඇණවුම් ප්‍රමාදයි… අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් හිඟයි

Admin

සම්බන්ධන් අත්අඩංගුවට ගත්තොත් විදෙස් හමුදා ආක්‍රමණයක් එයි.. දමිළ ඉඩම්වලින් හමුදාව වහා ඉවත් කරනු

colombotoday

කථානායක කරූ සභාව ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවට නොඑයි

colombotoday