World

ජමාල් කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැතැයි ද නිලධාරීන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ යැයි ද එරට නීතිපතිවරයා අද (15) ප්‍රකාශ කළේය.

ජමාල් කශොග්ජි ඝාතනයට එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ යැයි ද නීතිපතිවරයා සඳහන් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ  තීරුලිපි රචකයකු වූ ජමාල් කශොග්ජි තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනයට ලක් කෙරුණු අතර ඊට සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් සම්බන්ධ යැයි චෝදනා එල්ල විය.

මාධ්‍යවේදී කශොග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞදි අරාබියේ නීතිපතිවරයා තුර්කියට පැමිණි අතර හෙතෙම පසුගිය කාලයේදී තුර්කි බලධාරීන් හා එක්වෙමින් පරීක්ෂණ පැවැත්වීය.

සෞදි අරාබියේ බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ජෙනරල් අහ්මෙද් අල් ඇසිරි ජමාල් කශොග්ජි ඝාතනයට අණ දී ඇතැයි වාර්තා සඳහන් කරයි.

ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධයෙන් සෞදිය අරාබියට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ විනිවිද පරීක්ෂණයක් පවත්වැන්නැයි ද ජාත්‍යන්තරය අවධාරණය කළේය.

ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධ යැයි පැවසෙන 21 දෙනකු මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන්ගෙන් 11 දෙනකුට එරෙහි අධි චෝදනා ගොනු කර ඇතැයි ද පැවසේ.

ජමාල් කශොග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගිවිසුමකට අත්සන් කරන්නැයි සෞදි අරාබිය තුර්කියෙන් ඉල්ලා ඇති අතර ජමාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි තුර්කිය ප්‍රකාශ කර ඇත.

ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධ හඬපට සහ තවත් තොරතුරු රැසක් තුර්කිය ඇමෙරිකා එක්සත් ජනපදයටත්, සෞදි අරාබිය සහ තවත් බටහිර රටවල් කිහිපයකටත් ලබාදීමට පියවර ගෙන තිබිණි.

Related posts

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday

අයිඑස් වෙතින් අනතුරු ඇඟවීමක් : සෑම තැනකම ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරන බව පවසයි.

colombotoday

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

colombotoday

ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය !

colombotoday