Colombo Today Local News

ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන චම්පික රණවක දැන් කියන කතාව

අද (15) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතර නොසන්සුන්කාරි වාතාවරණයක් ඇතිවූ අතර , පර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක හා ලොහොන් රත්වත්තේ මහතා අතරද යම් ගැටුමක් ඇතිවනු දැකගන්නට ලැබුණි.

මේ ඒ පිළිබඳව පාඨලී චම්පික රණවක මහතා සිය නිළ ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ සටහනකි.

අද පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ අවස්ථාවේ දී ෆයිසර් මුස්තාපා මැතිතුමා මාගෙන් මෙයට විසඳුමක් නැද්දැයි විමසන ලදී. ඒ අතරතුරම මහින්ද රාජපක්ෂ මැතිතුමා හට මා සමග කතා කතා කිරීමට අවශ්‍යවී තිබෙන බවත් ඔහු විසින් පවසන ලදී.

එම ඉල්ලීමට අනුව මා හා මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුණු අතර, “ඇයි ඇමැතිතුමා මේ වෙලාවේ නිහඬ?” යන්න රාජපක්ෂ මහතාගේ පළමු ප්‍ර‍ශ්ණය විය.

“මේ වෙලාවේ පාර්ලිමේන්තුව යන්නේ අතපයේ හයිය පාවිච්චි කරලා නේ, ඒ නිසා බුද්ධිය තියෙන මිනිස්සු හැටියට අපි නිහඬව ඉන්නවා” යනුවෙන් මා ඔහුට පිළිතුරු දුන්නෙමි.

දැන් මේකට මොකක්ද කරන්නේ, යන්න ඔහුගේ ඊළඟ ප්‍රශ්නය විය. බහුතර බලය තියෙන අයට මේක කරගෙන යන්න දෙන්න යනුවෙන් මා ඔහුට පැවසූ අතර, රනිල් ට මම මේක දීලා යන්න ලෑස්ති නැහැ, මම නීත්‍යානුකූලව පත් වෙලා ඉන්නේ යන්න රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය විය.

ඒත් සමගම පාරලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා විසින් මාව තල්ලු කරන ලදී. ඒ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද එම ස්ථානයට පැමිණියේය. “කතා කරන්න ඕනේ කියලා, මෙහෙම තක්කඩි වැඩි කරනවා නම්, මේකද තමුන්ලාගේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය යනුවෙන් මා ප්‍ර‍ශ්ණ කළෙමි. ඒ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුවීම පිළිබද සමාව අයැද සිටි අතර ඒත් සමගම සිදුවීම අවසන් විය.

පාඨලී චම්පික රණවක

Related posts

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

colombotoday

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

colombotoday

ගාල්ලේ ජනපති ශිෂ්‍යත්වය “සුළඟ” කඩා කප්පල් කරයි

Admin

මෙරටට ළඟා වූ ඩීසල් නැවකට මුදල් ගෙවයි..

colombotoday

දේශපාලන අර්බුදය හමුවේවිශේෂ පණිවිඩයක් රැගෙන ඇමරිකානු තානාපති ජනපති හමුවේ.

colombotoday

ලබන සුුඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ !

colombotoday