Colombo Today Local News

අගමැති මහින්දට එරෙහි විශ්වාසභංගය සම්මත වුනා – කතානායකගෙන් ජනපතිට ලිපියක්…

කතානායක කරු ජයසූරිය මහතා අද දිනයේදි  පාර්ලිමේන්තුවේ සිදුවූ සියලු විස්තර සඳහන් ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ. කතානායක මාධ්‍ය ඒකකය පැවැසුවේ ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා මෙම ලිපිය යොමුකළ බවයි.

ප්‍රවෘත්ති නිවේදනයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින (2018-11-14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් විය.

ගරු කථානායකතුමන් විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව  නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු  ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.ඒ. සුමන්තිරම් මහතා විසින් ස්ථාවර නි‍යෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කරන ලදී.

ඒ පිලිබඳව සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසීමක් යෝජනා කෙරුණු අතර,  එහිදී බහුතර‍යේ එකඟත්වයෙන් ස්ථාවර නියෝග අත්හිටුවන ලදී.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන  ලදී.  අද දිනම ඒ පිලිබඳව සභාවේ මතය විමසිය යුතු බව ද ඔවුහු යෝජනා කළහ.

ඒ අවස්ථාවේ දී විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටි අතර,  බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු කථානායකතුමා විසින් ඡන්ද විමසීමට නියෝග කරන ලදී.

එහිදී විශ්වාස භංග යෝජනාවට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ අතර,  ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට ගරු  කථානායකතුමන් විසින් සභාව වෙත නිවේදනය කරන ලදී.

ඉන් අනතුරුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන් විසින් හෙට පෙ:ව 10.00 දක්වා සභාව කල් තැබිය යුතු බව ට යෝජනා කරන ලද අතර,  ඒ සඳහා සභාවේ අනුමැතිය හිමි විය.

අද දින භාර දෙන ලද විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාවේ තීරණය ද

ගරු ජනාධිපතිතුමන් විසින් පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධි බවට සදහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සදහා ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට ගරු කථානායකතුමන් විසින් පියවර ගනු ඇත.

 

Related posts

ඉන්දීය ධිවරයින් 11ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරය අදයි – නිලධාරීන් 467 ක් ඇතුළු 7,757කට උසස්වීම්

colombotoday

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday

සිංහයෙක් වගේ යුද්ධය ඉවර කරපු සරත් පොන්සේකා දැන් නරියෙක් වගේ කෑගහනවා – අමාත්‍ය සී. බී. රත්නායක මහතා කියයි

colombotoday

විධායක බලතල අගමැතිට පැවරීමෙන් රටට වෙන දේ ගැන හිටපු ඇමති විජේදාස කියයි (Video)

colombotoday