Colombo Today Local News

හිටපු කොටි 110ක් නිදහස් කිරීමට වාසුගෙන් කැබිනට් පත්‍රිකාවක්….

රැඳවුම් භාරයේa සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 110 ක්‌a නිදහස්‌ කිරීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කරන බව සංහිඳියා අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා අම්පාරේ පැවැති ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ රැස්‌වීමක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

ලයන්එයාර් යානාවකට මිසයිල ප්‍රහාර එල්ල කර මගීන් 48 ක්‌ මරා දමමින් හමුදා භටයන් 27 ක්‌ මරා පුළුස්‌සා දැමීම සහ වෙනත් බිහිසුණු යුද අපරාධ සිදු කිරීම සම්බන්ධව මෙම හිටපු කොටි ක්‍රියාකාරීන්a අත්අඩංගුවේ පසු වේ.

වාසුදේව නානායක්‌කාර මහතා ඉදිරිපත් කරන මෙම කැබිනට්‌ පත්‍රිකාව මත එම හිටපු කොටි නිදහස්‌ කිරීමට රජය එකඟ වුවොත් ඔවුන්ට එරෙහි යුද අපරාධ චෝදනා අහෝසි වේ.

බිහිසුණු කොටි නිsදහස්‌ කිරීමට ඉදිරිපත්වීම මෙරට හමුදාව පාවා දීමක්‌. කොටි දෙදෙනකු මරා දැමූ බවට චෝදනා එල්ල වී මරණ දඬුවම නියම වූ හමුදා නිලධාරීන් දෙදෙනාට ද අසාධාරණයක්‌ සිදුවෙනවා යෑයි ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවසීය.

වාසුදේව නානායක්‌කාර මහතා සහභාගි වූ මෙම රැස්‌වීමට අම්පාර ශ්‍රීලනිප සංවිධායක ජෙයචන්ද්‍රන්ද සහභාගි වී ඇත.

දිවයින

Related posts

පියසේන ගමගේ ඇමති ධුරයක දිවුරයි !

colombotoday

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

colombotoday

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත අද කම්කරු උපදේශක සභාවට

Admin

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ !

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

colombotoday