Colombo Today Local News

දැන් හොදටම ඇති… පුලුවන් කෙනෙකුට නායකත්වය දීල ගෙදර යන්න – බිම් මට්ටමෙන් රනිල්ට එරෙහිව කැරැල්ල ඇරඹේ..

එක්සත් ජාතික පක්‍ෂය නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව දකුණු පළාත් සභාෙව් මන්තී‍්‍ර සුජිත් මුතුකුමාරණ පවසනවා. ඒ්

බව ඔහු පැවසුෙව් සූරියවැව ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී අදහස් දක්වමින්  ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

අද පක්ෂයක් ලෙස දැවැන්ත ගැටළුවකට මුහුණදීලා තියනවා අමාරුවෙන් කැපවීම් කරලා ගම් මට්ටමින් ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ බොහෝ පරිත්‍යාග කරලා නිර්මාණය කරපු ආණ්ඩුව කඩා වැටිලා තියනවා. අපි විශේෂයෙන්ම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්විය යුතුයි කියලා. අපි මේ වෙලාවේ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා පක්ෂයේ නායකත්වය තරුණ නායකයෙකුට ලබා දෙන්න කියලා. ඔහුගේ කිට්ටුතම හිතව්තෙකුටවත් ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් දැන් පක්ෂය තුලින් හඬක් ඇති වෙන්න පටන් ගෙන ඇති බව මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කබීර් හෂීම් කියාසිටියේ ජනතාව පක්‍ෂයේ වෙනසක් අපේක්‍ෂාවෙන් සිටී නම් එය සිදුකිරීමට සූදානම් බවයි.

Related posts

“කෝටි 7ක BMW 7 Series එකක් දෙන්න බැරිනම්, කෝටි 4 බෙන්ස් එකක්වත් මට ඕන” – ෆොන්සේකා

colombotoday

ජනපති අපේක්ෂකයා නම් කිරීමට ප්‍රථමව මෛත්‍රී – මහින්ද රහසේ සාකච්ඡාවක.

colombotoday

හාල්මැස්‌සන් පමණක්‌ නොවේ තෝරු මෝරුත් අල්ලනවා, අල්ලස්‌ ඉල්ලුවොත් 1954ට දන්වන්න

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday

හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂට සුබ මංගලම්…

colombotoday