වහාම ක්රියාත්මක වන පරිදි තමන් ශ්රි ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පුළුල් පෙරමුනක් ඔස්සේ ජයග්රහනය සදහා සූදානම් යයිද ඔහු කියා සිටී.
සිය නිල් ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අගමැති පුත් නාමල් රාජපක්ෂ මෙම අදහස් පල කර ඇත.