Colombo Today Local News

ස්වෛරී රටක ස්වාධීනත්වයට බලපෑම් කිරීම පහත් ක්‍රියාවක් – යුරෝපා සංගමයට රජයෙන් ප්‍රතිචාර

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යවස්ථාවට අනුව යුරෝපා සංගමයට කිසිදු හැකියාවක් නොමැති බව රජයේ සම කැබිනට් ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනය පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

යුරෝපා සංගමය සිදුකරන මෙම කි‍්‍රයාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඔහු පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාමය තත්ත්වයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමයට කටයුතු කිරීමේ හැකියාවක් පවතී ද යන්න තමන් නොදන්නා බවත් රටක අභ්‍යන්තර ප්‍රශ්ණයකට මෙලෙස විදේශීය සංවිධානයක් අයුතු බලයක් යෙදවීම පිළිබඳ තමන් දැඩි ලෙස කණගාටුවන බවත් ය. එවැනි බලයක් ආරුඪ කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත්තේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම වැනි අය බවද රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියේය.

තවත් ස්වෛරී රටක ස්වාධීනත්වයට මේ අයුරින් බලපෑම් කිරීම ඉතා පහත් ක්‍රියාවලියක් බවත් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් හා ව්‍යවස්ථාව අනුව රජය කටයුතු කරන බවත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.

Related posts

තිස්ස වැව ව්‍යාපෘතියේ සිටි චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ

colombotoday

පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් තවත් ගැසට්ටුවක්

colombotoday

මුජිබුර් රහුමාන් මන්ත්‍රී අසුනේ ෆවුසි දිවුරුම් දෙයි

Admin

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…

colombotoday

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

colombotoday

ඝාතන සැලසුම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

colombotoday